8 වැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය ඇරඹේ. සය දින ප්‍රදර්ශනය චීනයේ කුන්මිං නගරයේ දී ඊයේ (23) ආරම්භ විය. රටවල්, කලාප හා ජාත්‍යන්තර සංවිධාන 82 ක් ඊට එක්ව සිටී.
ප්‍රදර්ශනයට එක්ව සිටින විදෙස් ව්‍යවසායන් සංඛ්‍යාව 2000 කට අධිකය. ඉන් අඩකට ආසන්න ප්‍රමාණයක් දකුණු ආසියාව හා අග්නිදිග ආසියාව ආවරණය කරයි. ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ඇතුළත් ප්‍රදර්ශන කුටි ද ඊට ඇතුළත් ය.
හරිත බලශක්ති සම්පත්, නවීන කෘෂිකර්මාන්තය, වෛද්‍ය සේවා හා සෞඛ්‍ය ආරක්ෂාව, සංස්කෘතිය හා සංචාරය යන කර්මාන්ත හා සම්බන්ධ නවීන අංග රැසක් මෙවර ප්‍රදර්ශනයට එක් කර ඇත.
ඉදිකිරීම් තාක්ෂණ, හරිත බලශක්ති, නවීන කෘෂිකාර්මික නිෂ්පාදන යන අංශවල ප්‍රදර්ශන ශාලා 15 කින් ද එය සමන්විත වේ