fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්SF යළිත් ජනපති සටනට

    SF යළිත් ජනපති සටනට

    spot_img

    ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු ලෙස තමා ඉදිරිපත් වන බව ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා නිවේදනය කරයි.

    මෙවර ජනපතිවරණ අපේක්ෂකත්වයට ඉදිරිපත් වන බවට මෙලෙස ස්ථිරවම ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළ පළමුවැන්නා බවට පත්වන්නේ ද සරත් ෆොන්සේකා මහතායි.

    කෙසේවෙතත් ඔහු අපේක්ෂකත්වය දරන්නේ කුමන පක්ෂයෙන්ද යන්න ප්‍රකාශ කොට නැත.

    2010 වසරේදී ද සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් විය.

    ඒ වසරේදී ඔහුගේ ප්‍රබලතම ප්‍රතිවාදියා වූයේ ඒ වනවිටත් ජනාධිපති පදවිය දැරූ මහින්ද රාජපක්ෂ මහතායි.

    එම ජනපතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු අපේක්ෂකයා වූ සරත් ‍ෆොන්සේකා මහතා සමස්ත ඡන්ද ප්‍රතිශතයෙන් 40.15% ක් ලබාගෙන පරාජයට පත්විය. එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු, ප්‍රධාන විපක්ෂ පක්ෂ ගණනාවක් විසින්, සරත් ෆොන්සේකා මහතා වෙත සහය පලකොට තිබුණි.

    එහි ප්‍රතිඵලවලට අනුව එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයා වූ මහින්ද රාජපක්ෂ මහතා 57.88% ක් ලබා ජයගත්තේ ය.

    ඉතිරි අපේක්ෂකයන් විසිදෙනාම එකතුව ලබා ගත්තේ ජනප්‍රිය ඡන්දයෙන් 0.5% ට අඩු ප්‍රමාණයක් පමණි.

    2024 ජනාධිපතිවරණය වෙනුවෙන් තරගවදින බවට සරත් ෆොන්සේකා මහතා කරන ලද නිවේදනය පහතින් දැක්වේ.

    ප්‍රබෝධා හෙට්ටිආරච්චි

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img