රට තුළ ඉමහත් ආන්දෝලනයක් ඇති කළ ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියේදී, සැකකරුවන් දෙදෙනෙකු හැර ඊට අදාල අනෙකුත් සියළු දෙනා අත්අඩංගුවට ගෙන අවසන් යැයි, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.
ඝාතනය සැලසුම් කළ පිරිස් සහ විවිධ අදියර වලදී ඝාතනයට සම්බන්ධ වුණු සියල්ලන්ම පාහේ අත්අඩංගුවට ගෙන තිබෙන බව ද ඇමතිවරයා පැවසීය.
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.