සමගි ජන බලවේලය පාර්ලිමේන්තු මන්ත්රී තිස්ස අත්තනායක මහතා ගමන්ගත් ජිප් රථය ජාවත්ත මාර්ගයේ සළුසල අසලදී මෝටර් රථයක ගැටී තුවාල ලබා ඇත.
අනතුර සිදුවන විට මන්ත්රීවරයා සමඟ රියදුරු සහ ආරක්ෂක නිලධාරියා ජිප් රථයේ ගමන්කරමින් සිට ඇත. මෙම අනතුරින් තුවාල ලබා තිස්ස අත්තනායක මන්ත්රීවරයා පුද්ගලික රෝහලකට ඇතුලත්ව ප්රතිකාර ලබයි.
මෙම අනතුර ඊයේ රාත්රී 10.00ට පමණ සිදුව ඇති බවත් අනතුර සිදුවූ මෝටර් රථයේ රියදුරු මෙන්ම එහි ගමන් කළ මගියෙක්ද තුවාල පුද්ගලික රෝහලකට ඇතුලත්කර ඇති බවත් නාරාහේන්පිට පොලීසිය කියයි.