fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොසොන් දන්සැල් 4600ක්

    පොසොන් දන්සැල් 4600ක්

    මෙවර පොසොන් පොහොය වෙනුවෙන් දන්සැල් 4,600කට ආසන්න සංඛ්‍යාවක් දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස තුළ ලියාපදිංචි වී තිබෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

    කිසියම් පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් දන්සැලක් සංවිධානය කරනවා නම්, ළඟම තිබෙන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ලියාපදිංචි වී අවශ්‍ය උපදෙස් සහ සහාය ලබාගත යුතු බව හෙතම සඳහන් කරයි.

    කෙසේ නමුත් පවත්වන සෑම දන්සැලක්ම දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 367ම ආවරණය වන පරිදි, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු 2,800කට ආසන්න සංඛ්‍යාවක් විසින් පරීක්ෂාවට ලක්කරන බව හෙතෙම කියා සිටියේය.

    මේ අතර පොසොන් උත්සවය වෙනුවෙන් අනුරාධපුරයට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් ඉලක්ක කරගනිමින් පවත්වන දන්සල් මෙන්ම තාවකාලික හා ස්ථීර ආහාර අලෙවිකරන ස්ථානද දැඩි පරීක්ෂාවට ලක්කිරීමට පියවරගෙන ඇත.

    අනුරාධපුර‌ නගර සභා සීමාවේ පවත්වන සියලු දන්සැල් අනුරාධපුර නගර සභාවේ ලියාපදිංචි වීම අනිවාර්ය වන අතර, මේ දක්වා දන්සල් 150කට වැඩි ප්‍රමාණයක් ලියාපදිංචි වී තිබේ.

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.