තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සැරයන්ට ෆෝන් එකෙන් පහර දුන් ත්‍රීවිල් රියදුරු අත්අඩංගුවට -නිලධාරියා රෝහලේ

    සැරයන්ට ෆෝන් එකෙන් පහර දුන් ත්‍රීවිල් රියදුරු අත්අඩංගුවට -නිලධාරියා රෝහලේ

    මැදවච්චිය රෝහල අසලදී බීමතින් රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් නීතියේ රැහැනට හසුකරගත් ත්‍රීරෝද රථ රියදුරෙකු මැදවච්චිය පොලිස් ස්ථානයට රැගෙන ගොස් බීමත්කම පරීක්ෂා කිරීමට ස්වසන නල පරීක්ෂාව සිදුකිරීමට යාමේදී ඊට විරෝධය පා ජංගම දුරකථනයකින් හිසට කළ පහරදීමකින් පොලිස් සැරයන්වරයකු තුවාල ලබා රෝහල්ගතකර ඇත.

    බීමතින් රිය පැදවීමට අමතරව මෙම පහරදීම සම්බන්ධයෙන් ද ත්‍රීරෝද රථ රියදුරාව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මැදවච්චිය, කරපික්කඩ පාරේ පදිංචිකරුවෙක් වන කේ. සම්පත් නැමැති 35 හැවිරිදි අයෙකි.

    මෙහිදී මෙම සැකකරුද ඇසට පහරක් එල්ලවීම හේතුවෙන් තුවාල ලබා මැදවච්චිය රෝහලට ඇතුලත්කර ඇත.

    මෙම සිදුවීම වී ඇත්තේ ඊයේ අලුයම් කාලයේදී බව පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img