තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තෑගි මුදල් වංචා කළ පොලිස් නිලධාරියා අත්අඩංගුවට

    තෑගි මුදල් වංචා කළ පොලිස් නිලධාරියා අත්අඩංගුවට

    පොළොන්නරුව කොට්ඨාශ රථවාහන අංශයේ නිලධාරීන්ට ලැබිය යුතු රුපියල් 74,200ක ත්‍යාග මුදල් හොර අත්සන් යොදා ලබාගෙන වංචා කළ පොළොන්නරුව මූලස්ථාන පොලිස් ස්ථානයේ පාලන අංශයේ ගෙවිම් කටයුතු කළ පොලිස් නිලධාරියකු පොළොන්නරුව විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    අත්අඩංගුවට ගන්නා විට මෙම නිලධාරියා සේවයේ නිරතව සිට ඇත්තේ එරාවුර් පොලිස් ස්ථානයේය.

    එම්.ඩී. සුමනසිරි නැමැති මෙම සැරයන්වරයා පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත ඊයේ (18) මුදා හැර ඇත.

    පොළොන්නරුව කොට්ඨාශ රථවාහන අංශයේ නිලධාරීන්ට ඔවුන් කරනු ලබන වැටලීම් අනුව සිදුකරන ත්‍යාග මුදල් වවුචර් පත් පොලොන්නරුව කොට්ඨාශයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ඉදිරිපත්කර අනුමැතිය ලබාගෙන අවසානයේදී ඒවා ගෙවීම් කටයුතු සඳහා පාලන අංශයට භාරදී ඇත. එවකට පාලන අංශයේ සිටි සැරයන්වරයා ඊට අදාල ගෙවීම් නොලැබී ඇතැයි පවසමින් රථවාහන අංශයේ නිලධාරීන්ට ගෙවීම් ලබාදීම දිනෙන් දින ප්‍රමාදකර තිබේ. පසුව මේ ගැන කළ සොයා බැලීමේදී අනාවරණය වී ඇත්තේ සැරයන්වරයා විසින් රථවාහන අංශයේ නිලධාරීන්ගේ අත්සන් හොරට යොදා අදාල මුදල් ලබාගෙන ඒවා පුද්ගලික පරිහරණයට යොදාගෙන ඇති බවය.

    ඒ අනුව විමර්ශනයක් පවත්වා සැකකාර පොලිස් සැරයන්වරයාව අත්අඩංගුවටගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

    මෙම නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට පොලිස් බලධාරීන් අද (19) පියවර ගෙන තිබුණි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img