දරුවෙකුට සිදුවූ ලිංගික හිරිහැරයක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් සටහන් නොකර ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පවා සිදු නොකල ගල්ගමුව පොලිස් ස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශයේ සේවයේ නිරතව සිටි පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම්කර ඇත.
ගල්ගමුව පොලීසියේ අධික්ෂණ නිලධාරියා වන නිකවැරටිය පොලිස් අධිකාරීවරයා විසින් මෙම වැඩ තහනම් කිරීමේ නියෝගය අද නිකුත් කර තිබේ.
ගල්ගමුව වැටකොලුවාගම පදිංචි මවක් විසින් සිය දරුවාට සිදුවූ ලිංගික හිරිහැරය ගැන පැමිණිලි කිරීමට පොලීසියට ගොස් ඇති බවත් එහිදී පැමිණිල්ල සටහන් නොකරමින් එම මවගේ දරුවාට වූ ලිංගික හිංසනය ගැන පොලීසිය විමර්ශනයක් පවා පවත්වා නැති බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.