පෞද්ගලික මගී බස් රථයක් තුළදී මගී කාන්තාවක් වරින් වර දූෂණය කළ එම බස් රථයේ රියදුරු සහ කොන්දොස්තර අත්අඩංගුවට ගැනීමට ගිරිඋල්ල පොලීසිය විමර්ශන ආරම්භකර ඇත.
ගිරිඋල්ල, පුස්කොලදෙනියේ පදිංචි 64 හැවිරිදි කාන්තාවක් මෙසේ දූෂණයකර ඇත්තේ ඊයේ සවස් කාලයේදීය.
ගිරිඋල්ල පොදු වෙළඳ සංකීර්ණය පිටුපස නවතා තිබුණු බස් රථය තුළදී මෙම අපරාධය කර ඇති බව ගිරිඋල්ල පොලීසිය සඳහන් කළේය.
මේ ගැන ගිරිඋල්ල පොලීසියට එම කාන්තාව විසින් කළ පැමිණිල්ලට අනුව විමර්ශන ආරම්භකර ඇත.