fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බසයක් තුළ රියදුරුයි කොන්දොස්තරයි මහළු කතක දූෂණය කරලා

    බසයක් තුළ රියදුරුයි කොන්දොස්තරයි මහළු කතක දූෂණය කරලා

    පෞද්ගලික මගී බස් රථයක් තුළදී මගී කාන්තාවක් වරින් වර දූෂණය කළ එම බස් රථයේ රියදුරු සහ කොන්දොස්තර අත්අඩංගුවට ගැනීමට ගිරිඋල්ල පොලීසිය විමර්ශන ආරම්භකර ඇත.

    ගිරිඋල්ල, පුස්කොලදෙනියේ පදිංචි 64 හැවිරිදි කාන්තාවක් මෙසේ දූෂණයකර ඇත්තේ ඊයේ සවස් කාලයේදීය.

    ගිරිඋල්ල පොදු වෙළඳ සංකීර්ණය පිටුපස නවතා තිබුණු බස් රථය තුළදී මෙම අපරාධය කර ඇති බව ගිරිඋල්ල පොලීසිය සඳහන් කළේය.

    මේ ගැන ගිරිඋල්ල පොලීසියට එම කාන්තාව විසින් කළ පැමිණිල්ලට අනුව විමර්ශන ආරම්භකර ඇත.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.