fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කසිප්පු පෙරූ SI මිහින්තලේදී මාට්ටු

    කසිප්පු පෙරූ SI මිහින්තලේදී මාට්ටු

    නීතිවිරෝධි මත්පැන් පෙරීමේ ජාවාරමක නිරතව සිටි උප පොලිස් පරීක්ෂකවරයකු තිරප්පනේ පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

    කවරක්කුලම පොලිස් ස්ථානයේ සේවයේ නිරත මෙම උප පොලිස් පරීක්ෂකවරයා මිහින්තලය, ඉහළග, නොච්චිකුලම ගම්මානයේ පදිංචිකරුවෙකි.

    මෙම නිලධාරියා නීතිවිරෝධි මත්පැන් ජාවාරමක නිරතව සිටින බවට ඉහළ පොලිස් නිලධාරීන්ට ලද තොරතුරකට අනුව තිරප්පනේ පොලීසිය උප පොලිස් පරීක්ෂකවරයාගේ නිවස ඊයේ (19) වටලා තිබේ.

    එහිදී නිවස තුළ තිබී නීතිවිරෝධි මත්පැන් පෙරීමට යොදාගන්නා තඹ දඟරයක් හා නීතිවිරෝධිව පෙරන ලද මත්පැන් මිලිලීටර් 14,250ක් අඩංගු බැරලයක්, නීතිවිරෝධි මත්පැන් පෙරීමට යොදාගන්නා ගෑස් ලිපක් ඇතුළු දේපොල රැසක් සොයාගෙන තිබේ.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.