fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්"මෙරට දේශපාලනයේ පරිහානියට මූලිකම හේතුව කුල-පාදක ප්‍රභූ දේශපාලනයයි" (📹)

    “මෙරට දේශපාලනයේ පරිහානියට මූලිකම හේතුව කුල-පාදක ප්‍රභූ දේශපාලනයයි” (📹)

    මෙරට දේශාපලනයේ කලක පටන් පැවත එන, අද දක්වා ද ව්‍යාප්ත වී ඇති කුල-පාදක ප්‍රභූ දේශපාලනය මෙරට දේශපාලන පරිහානියට මූලික හේතුව බව විපක්ෂ නායක, සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ එහි මූලයන් එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක සමය තෙක් විහිද යන බවයි.

    ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම සඳහා වන විද්‍යාත්මක සහ ප්‍රායෝගික ප්‍රතිපත්ති සාකච්ඡා කිරීම සහ සැලසුම් කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය විසින් ‘රට ගොඩනඟන නුවණ‘ යන තේමාව යටතේ පවත්වන ලද සමගි බුද්ධි මණ්ඩපයේ මේ වසරේ ජාතික සම්මේලනය කොළඹ ෂැංග්‍රිලා හෝටලේදි (7) පස්වරුවේ පැවැති අවස්ථාවේදී හෙතෙම මේ බව පැවසීය.

    ශ්‍රී ලාංකීය පොදු සිහිනය සැබෑ කර ගැනීමට උත්සාහ කරන ලෙස විපක්ෂ නායකවරයා මෙහහිදී සියලුම ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියේය.

    අභියෝග අවස්ථා බවට පත්කරමින් වෙනස්වීම උදෙසා අර්බුද, උත්ප්‍රේරකයක් ලෙස ක්‍රියා කරන්නේ කෙසේදැයි ඔහු මෙහිදී නිදසුන් දැක්වීය.

    නිදහස් අධ්‍යාපනය නවීකරණය කිරීම, සුබසාධනය, සෞඛ්‍ය සේවාව වැඩිදියුණු කිරීම සඳහා සමගි ජන බලවේගයේ සැලසුම් පිළිබඳ විපක්ෂනායකවරයා මෙහිදී කරුණු ඉදිරිපත් කළේය.

    දිළිඳුකම පිටුදැකීමේ ජාතික වැඩපිළිවෙළක්, බුද්ධිගලනය අවම කිරීමේ ප්‍රතිසංස්කරණ සහ දූෂණය පිටුදැකීම සඳහා ව්‍යවස්ථා සංශෝධන පිළිබඳව ඔහු මෙහිදී වැඩිදුරටක් කරුණු අවධාරණය කර සිටියේය. එමෙන්ම කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා ඩිජිටල්කරණයේ ඇති හැකියාව ද ඔහු පෙන්වා දුනි.

    මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේ තමන් හෝ තම පක්ෂයේ ප්‍රතිපත්ති නව ලිබරල්වාදී නොවන නමුත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී බවයි.

    සමාජවාදයේ වාසිදායක පැතිකඩයන් හඳුනාගනිමින් ධනවාදය හරහා ධනය උත්පාදනය කිරීමට ඇති හැකියාව පිළිබඳ මෙහිදී ඔහු විශ්වාසය පළ කළේය.

    විපක්ෂනායකවරයා තවදුරටත් මෙහිදී අවධාරණය කළේ මෙම සමතුලිත ප්‍රවේශය, අන්ත දක්ෂිනාංශික හෝ අන්ත වාමාංශික මතවාදයන්ගෙන් ඉවත් වෙමින් සමාජ ප්‍රජාතන්ත්‍රවාදය, සමගි ජන බලවේගයේ ස්ථාවරය බව ය.

    සමගි බුද්ධි මණ්ඩපයේ මේ වසරේ ජාතික සම්මේලනය පැවති අවස්ථාව සහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී කරන ලද සම්පූර්ණ කතාව පහත වීඩියෝවෙන් දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.