fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මේජර් අජිත් ප්‍රසන්නට ජනපති සමාව ඉල්ලා ජනාධිපතිට ලිපියක්

    මේජර් අජිත් ප්‍රසන්නට ජනපති සමාව ඉල්ලා ජනාධිපතිට ලිපියක්

    පස් අවුරුදු බරපතළ වැඩ ඇතිව සිරදඩුවම් විඳින නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න මහතාට ජනපති සමාව අයදිමින් ඔහුගේ බිරිඳ වන සුදර්මිකා විජේරත්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යවා තිබේ.

    අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වූ දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී අජිත් ප්‍රසන්න මහතා මේ වනවිටත් වසරකුත් මාස දෙකක් සිරදඬුවම් අවසන් කර ඇත.

    ඔහුට ජනපති සමාව ලබාදෙන ලෙස සිවිල් සංවිධාන කිහිපයක් ද මීට පෙරත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබුණි.

    අජිත් ප්‍රසන්න මහතාගේ බිරිඳ විසින් මේ පිළිබඳ ජනාධිපතිවරයාගෙන් කරන ලද ලිඛිත ඉල්ලීම පහතින් දැක්වේ.

    “අතිගරු ජනාධිපතිතුමනි,
    දැනට පස් අවුරුදු බරපතළ වැඩ ඇතිව සිරදඩුවම් ලබා සිටින නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න මාගේ ස්වාමිපුරුශයායි. යුක්තිය සාදාරණත්වය තේමාව කරගත් ඔහු බොහෝ විට ඒ වෙනුවෙන් නිරන්තරයෙන් හඩ නැගූවෙකි.
    ඔහු රටට ආදරය කරන උගත් රණවිරුවෙකු වූ අතර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් සමග සමීපව කටයුතු කළ අතර එයට සුවිශේෂි හේතුව වූයේ එතුමන් රටට සැබවින්ම ආදරය කළ නායකයකු බව හදුනාගත් නිසාය. එය ඔහු අද ද තරයේ විශ්වාස කරයි.
    රට අතිශය අර්බුදකාරි තත්වකට ගමන් කළ මොහොතේ මෙරට අගමැතිවරයා ලෙස ඔබතුමන්ව පත්කිරීමට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ගත් තීරණය අතිශය නිවැරදිම තීන්දුව බව පළමු වරට මාධ්‍ය මගින් ප්‍රකාශ කලේද මේජර් අජිත් ප්‍රසන්න යි. ඉන්පසු පාර්ලිමේන්තු ජනාධිපතිවරණය අවස්ථාවේද ඔහු සමාජ මතයක් නිර්මාණය කරමින් ඒ සදහා සුදුසුම පුද්ගලයා වන්නේ ඔබතුමන් බව කියා සිටියේය.
    ජනාධිපතිතුමණි මේ වනවිට ලෝකයේ දියුණු බොහෝ රටවල භාෂණයේ නිදහස වෙනුවෙන් නීතිය අතිශය ලිහිල්ව ක්‍රියාත්මක කරයි. බොහෝ රටවල අධිකරණයට අපහාස කළ විට ලැබෙන දඩුවම මසකටත් වඩා අඩු සිරදඩුවමකි. නමුත් අපේ රටේ තත්වය හාත්පසින්ම වෙනස් ය.දියුණු රටක් නිර්මාණය වෙනුවෙන් ඔබතුමන් ගන්නා සෑම ප්‍රයත්නයක් තුලම මෙවැනි තත්ත්වයක් පිළිබඳව දැඩි අවධානයක් යොමු කරනු ඇතැයි මම විශ්වාස කරමි.
    මාගේ ස්වාමි පුරුෂයා සමාජයට වැඩදායි යමක් සෑවිටම කරන්නට උත්සාහ ගත් අයෙකි. මේ වනවිට ඔහුගේ සිර දඩුවමට වසරකුත් මාස දෙකක් සම්පූර්ණ වී ඇත. ඒ පිළිබදව සලකා බලා ඔහුට ජනාධිපති සමාව ලබා දෙන ලෙස මම ඔබතුමාගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි.”

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.