fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාස්කු දිනය අදයි - දේවමෙහෙයවල ආරක්ෂාවට දසදහසක්

    පාස්කු දිනය අදයි – දේවමෙහෙයවල ආරක්ෂාවට දසදහසක්

    ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට යෙදී තිබේ.

    සකල ලෝක වර්ගයා පාපයෙන් ගලවා ගැනීම සඳහා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ සිය ජීවිතය පූජාකර දින 03කට පසු උත්ථානය ලැබීම පාස්කු මංගල්‍යයේදී කිතුණු බැතිමතුන් සමරනු ලබයි.

    විවිධ වත්පිළිවෙත්වල නියැලෙමින් ගතකළ දින 40ක චතාරික සමය ද පාස්කු ඉරිදා දිනයෙන් අවසන් වේ.

    ඊශ්‍රායලයේ ජෙරුසලම් අගනුවර කල්වාරි කන්දේ දී කුරුසියේ ඇණ ගසා මරණයට පත්කළ උන්වහන්සේ අද වැනි දිනක උත්ථාන වී සිය අනුගාමිකයින්ට දර්ශනය වූ බව බයිබලයේ සඳහන්ය.

    පාස්කු මංගල්‍යය ශ්‍රී ලාංකික කිතුණු බැතිමතුන් ද ඉතා උත්කර්ෂවත් අයුරින් සමරනු ලබන ආගමික වැඩසටහනකි.

    අද දින රටපුරා දේව මෙහෙයන් පවත්වනු ලබන සියලුම දේවස්ථාන සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් සියලු පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී තිබේ.

    ඒ අනුව දිවයින පුරා කිතුණු දේවස්ථාන 2239ක් ආවරණය වන පරිදි ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් යොදවා ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.

    ඒ අනුව පොලිස් නිලධාරීන් 6,522 දෙනෙකු, පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් 320 දෙනෙකු සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් 2,746 දෙනෙකු යොදවා ඇත.

    පාස්කු ඉරිදා දිනය නිමිති කරගෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ සුබපැතුම් පණිවිඩය මෙසේයි.

    අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ද පාස්කු ඉරිදාව වෙනුවෙන් ජනතාවට මෙසේ සුබපැතුම් පණිවිඩයක් නිකුත් කර ඇත.

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද කිතුණු බැතිමත් ජනතාවට සිය පාස්කු සුබපැතුම් එක්කර තිබුණේ මෙසේ ය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.