fbpx
තවත්
    මුල් පිටුවspecialරුසියානු ජනාධිපතිවරණය ඇරඹේ - පුටින් ඉතිහාසගත වෙයිද?

    රුසියානු ජනාධිපතිවරණය ඇරඹේ – පුටින් ඉතිහාසගත වෙයිද?

     
    රුසියානු ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම ඇරඹේ.

    අද (15) උදෑසන 8 ට නිල වශයෙන් ඇරඹුණු එය 17 වැනිදා නිමාවට පත්වීමට නියමිතයි.
     
    රුසියානු මධ්‍යම මැතිවරණ කොමිසමේ දත්ත අනුව, මෙවර ජනාධිපතිවරණය සඳහා ලියාපදිංචි වී ඇති ඡන්දදායකයන්ගේ සංඛ්‍යාව එකොලොස්කෝටි විසිලක්ෂයකි.

    රට පුරා ස්ථාපිත ඡන්ද කොට්ඨාස ගණන අනූහතරදහසකට අධික ය.

    වෙනත් රටවල් හා කලාපවල ද ඡන්ද කොට්ඨාස 295 ක් පිහිටුවා තිබේ.

    පොදුරාජ්‍ය මණ්ඩලයේ ස්වාධීන රාජ්‍ය මෙන්ම ශැංහයි සහයෝගිතා සංවිධානය ඇතුළු සංවිධාන ගණනක නිලධාරීහු ජනාධිපතිවරණ අධීක්ෂණයට එක් ව සිටිති.

    රුසියානු හා සෙසු රටවල මාධ්‍යවේදීන් 1400 කට අධික පිරිසක් මෙහි වාර්තාකරණ කටයුතු සිදුකරනු ඇත.
     
    මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෝ සිව්දෙනෙක් ඉදිරිපත්ව සිටිති.

    ජනාධිපති ව්ලැද්මීර් පුටින්, රුසියානු ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ Leonid Slutsky, රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ Nikolaĭ Kharitonov සහ නව ජනතා පක්ෂයේ Vladislav Davankov යනු එම සිව්දෙනා යි.

    ජනපති ව්ලැද්මීර් පුටින් මෙවරත් ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් ව සිටින අතර 2021 ඔහු විසින් අත්සන් තබා ක්‍රියාත්මක කරන ලද නීතිය යටතේ තවත් ධුර කාල ගණනාවක් ඔහුට ජනාධිපති අසුනේ රැඳී සිටීමට මංපාදයි.

    කෙසේවෙතත් දැනටමත් වාර 4ක්ම ජනපති අසුනේ අඛණ්ඩව රැදී සිටි 71 හැවිරිදි පුටින්, නව වසර හයක ධූර කාලයක් සම්පූර්ණ කළහොත්, සෝවියට් නායක ජෝසෆ් ස්ටාලින් අභිබවා යමින්, 18 වැනි සියවසේ මහා කැතරින් මහ අධිරාජිනියගෙන් පසු රුසියාවේ දීර්ඝතම කාලයක් සේවය කළ පාලකයා බවට පත්වනු ඇත.

    NewsWave බීජිං වාර්තාකරු

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.