fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්කඩොලාන පරිසර පද්ධතිය රකින්න ගත් උත්සාහයට ශ්‍රී ලංකාව ජගත් සම්මානයෙන් පිදුම් ලබයි

    කඩොලාන පරිසර පද්ධතිය රකින්න ගත් උත්සාහයට ශ්‍රී ලංකාව ජගත් සම්මානයෙන් පිදුම් ලබයි

    එක්සත් ජාතීන්ගේ පරිසර මණ්ඩලයේ (UNEA) 6 වැනි සැසිවාරයේදී ඓතිහාසික මොහොතක් සනිටුවහන් කරමින්, ශ්‍රී ලංකාවේ ස්වභාවික කඩොලාන ප්‍රතිස්ථාපනයට ගෙන ඇති සුවිශේෂී උත්සාහයන් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (UNEP) විසින් ශ්‍රී ලංකාවට ලෝක Restoration Flagship සම්මානය පිරිනමා ඇත.

    විවිධ ප්‍රධාන ජීවනෝපායන් පවත්වාගෙන යාම සඳහා තීරණාත්මක පරිසර පද්ධතියක් වන කඩොලාන පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය සඳහා ගෙන ඇති නව්‍ය විසඳුම් සහ ඒ වෙනුවෙන් පුරෝගාමී වීමෙහිලා ශ්‍රී ලංකාවේ ප්‍රධාන භූමිකාව මෙම සම්මානය මගින් අගය කිරීමට ලක්ව ඇත.

    ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ Flagship Restoration සම්මානය පිළිගනිමින් ශ්‍රී ලංකාවේ දේශගුණික විපර්යාස කාර්යාලයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය අනිල් ජාසිංහ සහ වයඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය සෙව්වන්දි ජයකොඩි යන මහත්ම මහත්මීන් මෙයට සහභාගී වූහ.

    කඩොලාන පරිසර පද්ධති ප්‍රතිස්ථාපන සඳහා ගෙන ඇති අඛණ්ඩ උත්සාහයන් ඇගයීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ පරිසර මණ්ඩලයේ (UNEA) සම්මාන උළෙලේදී ලැබුණු Restoration Flagship සම්මානය සමඟ ශ්‍රී ලංකා නියෝජිතයින්.

    ඔවුන් සමඟ දේශගුණික විපර්යාස පිළිබඳ ජ්‍යෙෂ්ඨ ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන මහතා සහ කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වේලුප්පිල්ලෙයි කනනාදන් මහතා ද එක්ව සිටියහ. කඩොලාන පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය සඳහා ඵලදායී සහ දීර්ඝ කාලීන උපාය මාර්ග ක්‍රියාවට නැංවීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති ප්‍රශංසනීය උත්සහය මෙම සම්මානය මගින් පිළිබිඹු විය.

    එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනෙහි විධායක අධ්‍යක්ෂිකා Inger Andersen මහත්මිය, ශ්‍රී ලංකාවේ කඩිනම් ස්වභාවික කඩොලාන ප්‍රතිස්ථාපනය වඩාත් බලාපොරොත්තු සහගත මුලපිරීමක් ලෙස පැසසුමට ලක්කරනු ලැබූ අතර, එය 150කට අධික අයදුම්පත්‍ර සංචිතයකින් ගෝලීය වශයෙන් තෝරාගෙන තිබුණි. කඩොලාන වාසස්ථාන සැලකිය යුතු ලෙස ප්‍රතිස්ථාපනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස විද්‍යාව පදනම් වූ ප්‍රවේශයන් සඳහා ශ්‍රී ලංකාව දක්වන විශිෂ්ට කැපවීම ඇය එහිදී ඉස්මතු කළාය. ශ්‍රී ලංකාවේ පෙන්වා ඇති මෙම සාර්ථකත්වය, පරිසර පද්ධති ප්‍රතිස්ථාපන අභියෝග සමඟ පොරබදමින් සිටින අනෙකුත් ජාතීන්ට ආදර්ශයක් වන බව Andersen මහත්මිය තවදුරටත් අවධාරණය කළාය.

    එක්සත් ජාතීන්ගේ Flagship Restoration සම්මානලාභියා ලෙස ශ්‍රී ලංකාව පිළිගැනීම පාරිසරික භාරකාරත්වයේ ගෝලීය ප්‍රමුඛයා ලෙස ශ්‍රී ලංකාවේ ස්ථාවරය යලි තහවුරු කරන අතර එය පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ දශකයේ අරමුණු ඉදිරියට ගෙන යාමේ දී රටෙහි ප්‍රධාන භූමිකාව ඉස්මතු කරයි. මෙම ගෞරව සම්මානයෙන් පිළිබිඹු වන්නේ පරිසර සංරක්ෂණය සඳහා ශ්‍රී ලංකාව දක්වන කැපවීම පමණක් නොව ඉදිරි පරම්පරාවන් සඳහා ඔරොත්තු දෙන සහ තිරසාර අනාගතයක් ගොඩනැගීම සඳහා වන කැපවීමයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.