fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොලීසියේ ජල ප්‍රහාරක රථයක් හදිසියේම ගිනිඅරන්

    පොලීසියේ ජල ප්‍රහාරක රථයක් හදිසියේම ගිනිඅරන්

    උද්ඝෝෂණ හා කැරලි මර්දනයට යොදා ගනු ලබන පොලිසිය සතු ජල ප්‍රහාරක බවුසරයක් අද අලුයම ගිනි ගැනීමකට ලක්ව ඇත.

    පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ ගාල්කර තිබුණු මෙම රථය ගිනි ගැනීමෙන් රථයේ එන්ජිම සහිත කොටසට හානි සිදුව තිබේ.

    ගින්නට හේතුව අනාවරණය නොවන අතර ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ සේවයේ නිරත නිලධාරීන් ගින්න පාලනය නොකරන්නට රථය මුළුමනින්ම ගිනි ගැනීමට තිබුණු ඉඩකඩ බොහෝ බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

    මේ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු නාරාහේන්පිට පොලිස් ස්ථානයට භාරදී ඇත.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.