fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මව විශ්‍රාමික පොලිස් ලොක්කියක් කියා සැරයන්වරියකට පහරදුන් කාන්තාව අත්අඩංගුවට

    මව විශ්‍රාමික පොලිස් ලොක්කියක් කියා සැරයන්වරියකට පහරදුන් කාන්තාව අත්අඩංගුවට

    විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරියකගේ දියණියක් බව පවසමින් ගන්දර පොලීසියේ සේවයේ නිරත සැරයන්වරියකට පහරදුන් විශ්‍රාමික පොලිස් පරීක්ෂකවරියකගේ දියණියක් ගන්දර පොලීසිය ඊයේ අත්අඩංගුවට ගත්තේය.

    ගන්දර පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් අධිකරණයට සැකකරුවන් පිරිසක් ඉදිරිපත්කර පොලිස් ස්ථානය වෙත පොලිස් ත්‍රීරෝද රථයෙන් ගමන්කරමින් සිටියදී දෙවිනුවර ඔරලොසුකණුව අසලදී වේගයෙන් පැමිණි මෝටර් රථයක් පොලිස් ත්‍රීරෝද රථයේ ගැටීමට ගොස් තිබේ.

    ඒ සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් මෝටර් රථයේ රියදුරුගෙන් කරුණු විමසීමේදී එහි රියදුරු අසුනේ සිට කාන්තාවක් තමා විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරියකගේ දියණියක් බව පවසා වැරැද්ද ඇත්තේ ත්‍රීරෝද රථයේ පව පවසමින් පොලිස් නිලධාරීන්ට දොස් නගා ඇත.

    විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරියකගේ දියණියක් බව කියන කාන්තාවක් පොලිස් නිලධාරීන්ට බැන වදින බව ත්‍රීරෝද රථයේ සිටි නිලධාරීන් පොලිස් ස්ථානයට දුරකථන ඇමතුමක් ලබාදෙමින් පවසා ඇත. ඒ අනුව උප පොලිස් පරීක්ෂකවරියක් ඒත් එක්කම අදාල ස්ථානයට පැමිණ ඇත. එම අවස්ථාවේදී මෝටර් රථයේ සිටි කාන්තාව විසින් එම ස්ථානයේ සිටි පොලිස් සැරයන්වරියකට පහරදී තිබේ. එම සැරයන්වරිය තුවාල ලබා තංගල්ල රෝහලට ඇතුලත්කර ඇත.

    පොලිස් නිලධාරිනියකට පහරදී රාකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු ලෙස කටයුතු කළ කාන්තාව මෙහිදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. ඇය තංගල්ල නොටොල්පිටියේ පදිංචිකාරියක් බව එහිදී පෙනී ගොස් ඇත. වයස අවුරුදු 31ක් වන ඇය විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරියකගේ දියණියක් නොව, විශ්‍රාමික පොලිස් පරීක්ෂකවරියකගේ දියණියක් බව එහිදී අනාවරණය වී තිබේ.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.