මෙම වසර අවසන් වන විට වරාය අධිකාරිය ආශ්රිත රැකියා 20,000ක පමණ සංඛ්‍යාවක් උත්පාදනයට හැකිවන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.
අදානිගේ සමාගම ඇමෙරිකන් ඩොලර් මිලියන 580ක වියදමින් ජැටියක් ඉදිකිරීම මේ වන සිදු කෙරෙන බව ද ඔහු පෙන්වා දුන්නා.
මේ කටයුතු නිමාවීමෙන් පසුව වරායේම රැකියා 5,000ක් පමණ උත්පාදනය වන බවත් ඒ ආශ්‍රිතව ඍජු රැකියා 15,000ක් පමණ උත්පාදනය වන බව පෙන්වා දුන් ඇමැතිවරයා එම සියලු රැකියා ඉහළ වැටුප් හා දීමනා ලබාගත හැකි පෞද්ගලික අංශය හරහා උත්පාදනය වන බවයි.