fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්PHIලා වගේ ඉඳන් කුඩ්ඩෝ ගහපු ගේමක්

    PHIලා වගේ ඉඳන් කුඩ්ඩෝ ගහපු ගේමක්

    මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ලෙස පෙනී සිටිමින් මහමඟ ගමන්කරමින් සිටි කාන්තාවක් අපිරිසිදුව සිටින බව පවසා ඇයව බිය ගන්වා ත්‍රීරෝද රථයකින් රැගෙන ගොස් අතරමඟදී ඇගේ කරේහි තිබුණු මාලයක් සහ කනෙහි තිබුණු කරාබු ජෝඩුවක් කොල්ලකා පළාගොස් සිටි මත්කුඩු ලෝලීන් තිදෙනෙක් ත්‍රීරෝද රථයද සමඟ කටුනායක පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

    අධික ලෙස මත්කුඩු භාවිතයට ඇබ්බැහිවී සිටින මෙම සැකකරුවන් තිදෙනා අවුරුදු 38,47 හා 70 යන වයස්වල පසුවන්නන් බව කටුනායක පොලීසිය කියයි. මරදාන, දෙමටගොඩ සහ බොරැල්ලේ පදිංචිකරුවන් වන ඔවුන් ත්‍රීරෝද රථයක නැගී ගමන්කරමින් මෙසේ මහ මග රැදී සිටින අපිරිසිදුවට සිටින පුද්ගලයන්ව කොල්ලකා ඇති බව පොලීසිය කියයි.

    පසුගිය 09 වෙනිදා මෙම සැකකරුවන් තිදෙනා කටුනායකදීද කාන්තාවක් පැහැරගෙන ගොස් ඇත්තේ අපිරිසිදුවට සිටින බව කියා බිය ගන්වමිනි. එම කාන්තාවගේ කරෙහි තිබුණු රන් මාලයත් කනෙහි තිබුණු කරාඹු ජෝඩුවත් ඉමිටේෂන් බවත් එය නොදැන ඇගේ රන් භාණ්ඩ කොල්ලකා ඇති බවත් පොලීසිය කියයි.

    මේ ගැන මෙම කාන්තාව කටුනායක පොලීසියට පැමිණ පැමිණිලි කිරීමෙන් අනතුරුව ආරක්ෂක කැමරා පරීක්ෂාකර ත්‍රීරෝද රථයේ අංකය හදුනාගෙන සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ආඩිඅම්බලම හා වල්පොලදීය. සැකකරුවන් තිදෙනා සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 06යි මිලිග්‍රෑම් 270ක්ද තිබී හමුවූ බව පොලීසිය සඳහන් කළේය.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනු ලබන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිටිමින් මෙම සැකකරුවන් විසින් විවිධ පුද්ගලයින් රැවටීමට ලක්කර මුදල් හා රන් භාණ්ඩ කොල්ලකෑම් සහ සොරකම් රැසක තොරතුරු අනාවරණය වී ඇති බවය.

    මීගමුව, ගම්පහ, හලාවත, පෑලියගොඩ, නිට්ටඹුව, කිරිඳිවැල, කිරුලපන, නුගේගොඩ, කටාන, වෙන්නප්පුව, ආදුරුප්පුවීදිය, වත්තල, දෙමටගොඩ, මාදම්පේ, කඳාන, ජා-ඇල, යක්කල, අවිස්සාවේල්ල සහ කැලණිය යන ප්‍රදේශවල මෙවැනි අපරාධ රැසක් සිදුකර ඇතිබවත් ඒ සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පවතින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

    මෙසේ මෙම සැකකරුවන් සොරකම් කරන ලද කරාඹු ජෝඩු 03ක් රන් මුදු 01ක් ද සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීමේ හමුවේ පොලීසිය විසින් සොයාගෙන ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img