තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්චාගි ගාල්ලගේ රණවිරුවන්ට සහ කාන්තාවන්ට ලියයි

    චාගි ගාල්ලගේ රණවිරුවන්ට සහ කාන්තාවන්ට ලියයි

    “ඇයි මම ජවිපෙ ( JVP/NPP) හෝ පෙරටුගාමීන්ට (JPP) ට සහය නොදක්වන්නේ?” යැයි සඳහන් කරමින් විශ්‍රාමික මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ විසින් සිය ෆේස්බුක් ගිණුමේ ත්‍රිවිධ හමුදා හා පොලිස් සාමාජිකයන් සහ කාන්තාවන් වෙත අද(13) සටහනක් තබා තිබේ.

    මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ (විශ්‍රාමික) සිය සමාජ මාධ්‍යයේ තබා ඇති සටහන ඔහුගේ අත්දැකීම් අලලා ලියැවුණකි. ත්‍රස්තවාදය පරාජය කිරීමේ මානුෂීය මෙහෙයුමේ සේනාංක කිහිපයකටම අණ දුන් චාගි ගාල්ලගේ ජනතාව අතර ප්‍රකට යුද විරුවෙකි.

    ත්‍රස්ත නායක ප්‍රභාකරන්ට අමුඩය ඇන්දවූ මේජර් ජෙනරාල්වරයා ලෙස ද ප්‍රකට චාගි ගාල්ලගේ සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහන මෙසේය.

    “හිතවත් සොල්දාදුවනි, නාවිකයනි, ගුවන් භටයිනි, පොලිස් නිලධාරීන් සහ කාන්තාවනි,

    1971 සිට 1989 දක්වා දිග්ගැස්සුනු කැරැල්ල අතරතුර, සමහර විට අප පාසල් අධ්‍යාපනය ලබන කාලය තුළ, අප බොහෝ දෙනා JVP ප්‍රමුඛ ත්‍රස්තවාදයේ කටුක බව අත්විඳ ඇති අතර, එය මෙහි දීර්ඝ ලෙස ලිවීමට අදහස් නොකරයි.

    1987 සිට 1989 දක්වා කාලය අප අත්විඳින ලද ප්‍රචණ්ඩත්වයේ සහ බිය ගැන්වීමේ උච්චතම අවස්ථාව වූ අතර, හමුදාවට බැඳුණු මම ඒ වන විට කුඩා නිලයක සිටි ලුතිනන්වරයෙකි.

    කපිතාන් වරයකු ලෙස උසස්වීම් ලැබීමෙන් පසු, මා ආණමඩුව (පුත්තලම දිස්ත්‍රික්කය) සහ දොඩංගස්ලන්ද (මාතලේ සහ කුරුණෑගල දිස්ත්‍රික්ක මායිම) ට සේවයේ යොදවන ලදි. ඒ උසස් නිලධාරින්ගේ තෘප්තියට අනුව මිලේඡ්චයන් දඩයම් කිරීම සදහාය.

    මේ කාලයේ දී මගේ තාත්තා වූ ධර්මසිරි ගාල්ලගේ හොඳම මිතුරන් දෙදෙනා වූ මාගේ මාමා හර්ෂ අබේවර්ධන( එජාප මහලේකම්) 1987 දෙසැම්බර් 23 වැනිදා ද එජාප පරිපාලන ලේකම් නන්දලාල් ප්‍රනාන්දු 1988 මැයි 20 දා ද කැරලිකරුවන් පිරිසක් විසින් ඝාතනය කරන ලදි. ඔවුන් මගේ මව වූ ප්‍රීඩා ගාල්ලගේ ගේ කාර්යාල ප්‍රධානීන්ද වූයේය.

    කොල්ලුපිටියේ තිබු එජාප මූලස්ථානය කෝට්ටේ නව පරිශ්‍රයකට ගෙනඒම සොයා බැලීමට එන ඔවුන් අපගේ නිවසේ දී මගේ මවගේ තේ කෝප්පයක් හෝ සුප් කෝප්පයක රස බැලීමට පුරුදුව සිටියේය.

    ඒ වනවිට මගේ අම්මා සිරිකොත (එජාප මූලස්ථානයේ) ගණකාධිකාරීවරිය ලෙස කටයුතු කළාය. මේ නිසා මගේ මවට සිරිකොත කාර්යාලයෙන් ඉවත් වන ලෙස ජවිපෙ නිරන්තරයෙන් මගේ නිවසට තර්ජනාත්මක සටහන් සහ ඇමතුම් ලබා දෙන ලදි. එසේ නොවන්නේ නම් මට නිවාඩුවට ගෙදර නොඑන ලෙස ද තර්ජනය කෙරිණි.

    මේ නිසා මගේ ජීවිතය ගැන තිබූ බියට මාගේ අම්මා නිවාඩුවට නිවසට නොපැමිණෙන ලෙස මට බල කළාය. ඒ වෙනුවට ඇය මගේ පුද්ගලික භාවිතය සඳහා අශෝක වඩිගම්මාව මහතාගේ නිවස සම්බන්ධ කරමින් කිලෝමීටරයක් දිග දුරකථන මාර්ගයක් ද ලබා ගත්තාය.

    මගේ අම්මා මාව බලන්න දෙපාරක් ආවා මතකයි, ඉන් එක වතාවක් මගේ උපන්දිනයට. ඊට පස්සේ සිංහල අලුත් අවුරුද්දේ මගේ අණ යටතේ ඉන්න සියලුම සාමාජිකයන්ට කේක් සහ රසකැවිලි අරගෙන.

    අන්තිමට මම හුස්මක් ගත්තෙ 1989 අග භාගයේ රෝහණ විජේවීර මහත්මයාගේ සහ කුරිරු මිලේඡ්චයන්ගෙ ආදාහනයෙන් පසුවයි.

    එබැවින් මෙම සිදුවීම් මගේ මනස හා ආත්මය වටා කැරකෙන තාක් කල්, මම මගේ ඡන්ද බලය ජවිපෙට හෝ ජවිපෙට පක්ෂව භාවිතා නොකරමි.

    එසේම ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සියලුම නිලයන්ගෙන් සහ කාන්තාවන්ගෙන් තම ඡන්දය බුද්ධිමත්ව භාවිතා කරන ලෙස ඉල්ලා සිටිමි.”

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    5 Comments

    1. චාගි ගාල්ලගේ මැතිතුමනි, මට මුලින් බියක් දැනුනා. ලිපිය අවසානය දක්වා කියවූ පසු සිතට සැනසිල්ලක් ආව. 👍

    2. කොටි හමුදා නායකයන් කොතරම් අපේ සෙල් දාදුවන් පොලිස් නිලධාරියන් මැරුවද ා හාමුදුරුවරු කීදහක් මැරුවද එහෙම කරලා ප්‍රභාකරන්ගේ ප්‍රධාන ගෝලයෝ ඇමතිකම් අරගෙන රට පාලනය කරේ නැද්ද ී

    3. හොරු පන්නන්න කියලා මිනී මරු තක්කඩියන්ට ඡන්දේ දෙන්න පිස්සුවක් මටනම් නෑ…. ඔබතුමාට ස්තූතියි

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img