ව්‍යාජ ලෙස සකස් කළ ජාතික හැදුණුම්පතක් උපයෝගීකරගෙන මෙරට ප්‍රධාන පෙලේ පෞද්ගලික බැංකුවකින් රුපියල් ලක්ෂ 34ක මුදලක් ණයක් ලෙස ලබාගෙන සිදුකල වංචාවක් සම්බන්ධයෙන් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු කොළඹ වංචා විමර්ශන කාර්යාංශය අත්අඩංගුවට ගෙන ඇත.
වසන්ත කපුකොටුව නැමැති එම විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ ඉදිරිපත් කර තිබේ. එහිදී රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර ඇත.