රණවිරුවන්ට ඉඩම් ලබාදීමේදී දැනට අනුගමනය ක්‍රමවේදය සංශෝධනය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අමාත්‍ය මණ්ඩලය වෙත යෝජනාවක් කර තිබේ.
ඔවුන්ට ඉඩම් ලබාදීමේදී දැනට අනුගමනය කරන ක්‍රමවේදය හේතුවෙන් පැන නැගී ඇති ගැටලු සඳහා විසඳුම් ඇතුළත් කරමින් පවත්නා ක්‍රමවේදය වෙනස් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.
ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී දිවි පිදූ, අතුරුදහන් වූ හා රණක්ෂිතයට පත් වූ, විශ්‍රාමික සහ දැනට සක්‍රීය සේවයේ යෙදී සිටින ත්‍රිවිධ හමුදාවේ, ශ්‍රී ලංකා පොලීසියේ හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන්ට පදිංචිය සඳහා රජයේ ඉඩම් ලබා දීමේදී නියමිත ක්‍රමවේදයක් පවතී.
මෙලෙස අනුගමනය කළ යුතු ක්‍රමවේදය පිළිබඳව ඉඩම් කොමසාරිස් ජනරාල් විසින් අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත වරින් වර චක්‍රලේඛ උපදෙස් නිකුත් කර තිබේ.
දැනට අනුමතව පවතින ක්‍රමවේදය තුළ රණවිරුවන්ට හිමි වන සහනය ප්‍රමාණවත් නොවන බවට පෙනී ගොස් ඇත.
ඔවුන් භුක්ති විඳින ඉඩම් සඳහා හිමිවන කොන්දේසි සහිත නීත්‍යානුකූල ලේඛනවල පවතින සීමාකාරී සාධක හේතුවෙන් එම ඉඩම්වල සැබෑ ආර්ථිකමය වටිනාකම නිරූපණය නොවන බවත් නිරීක්ෂණය වී තිබීම යනාදි කරුණු හේතුවෙන් රජය මෙම පියවර ගෙන තිබේ.