fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකු සේවකයෝ විශ්‍රාම යවා වත්කම් පවරාගනියි

    ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකු සේවකයෝ විශ්‍රාම යවා වත්කම් පවරාගනියි

    ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුවේ වත්කම් හා වගකීම් පවරා ගැනීමටත් එහි සේවකයින් අන්තර්ග්‍රහණය කර ගැනීමටත් ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් තීරණය කර ඇත.

    ඒ අනුව, ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුවේ සේවකයින් ස්ථානගත කිරීමේ ක්‍රියාවලිය මේ වන විට සිදු කෙරෙමින් පවතී.

    එහිදී විකල්පයක් වශයෙන් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමටත්, ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගනු ලබන සේවකයින් සඳහා වෙළෙඳපොළ සාධක සැලකිල්ලට ගනිමින් ගෙවීමක් කිරීමටත් තීරණය කර තිබේ.

    එකී ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුව, 2019 වර්ෂයේදී ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ පූර්ණ හිමිකාරිත්වය සහිත පරිපාලිත සමාගමක් බවට පත්විය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.