fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්දිනුර කළුපහන ලංකාවට ජයගෙනෙයි

    දිනුර කළුපහන ලංකාවට ජයගෙනෙයි

    දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 පහළ ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරගය සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලකුණු 39කින් ජය ගැනීමට සමත් වී ඇත.

    තුන් ඉරියව්වෙන් දස්කම් පෑ දිනුර කළුපහන මෙම තරගයේ වීරයා සම්මානය හිමිකර ගත්තේය.

    පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා 19 පහළ කණ්ඩායම ලකුණු 204කට සීමා කිරීමට සිම්බාබ්වේ 19 පහළ ක්‍රීඩකයෝ සමත්වූහ. ඉතා කුඩා ලකුණු සංඛ්‍යාවකට මුල්පෙළ පිතිකරුවන් තිදෙනෙක්ම ක්‍රීඩාගාරයට හරවා යැවූ සිම්බාබ්වේ ක්‍රීඩකයන්ට මැද පෙළ ශ්‍රී ලංකා පිතිකරුවන්ගෙන් ප්‍රබල අභියෝගයක් එල්ල විය.

    පන්දු 55කදී ලකුණු 60ක් ලබාගත් දිනුර කළුපහන එම ඉනිම හයේ පහර දෙකක් සහ හතරෙ පහරවල් 6කින් වර්ණවත් කළේය. සරුජන් සම්මුගනාදන් නොදැවී ලකුණු 41ක් රැස් කළේය.

    පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ සිම්බාබ්වේ කණ්ඩායමේ ඉනිම අයහපත් කාලගුණය හමුවේ පන්දුවාර 14 පසු පන්දුවාර 22කට සීමා විය. ජයග්‍රහණය සඳහා ඔවුන්ට ලකුණු 129ක ඉලක්කයක් හිමිවූ අතර සියලු දෙනා දැවී ඔවුන්ට ලබාගත හැකිවූයේ ලකුණු 89ක් පමණි.

    පන්දුවෙන් දස්කම් පෑ මල්ෂ තරුපති පන්දුවාර හතරකදී ලකුණු 17කට කඩුළු 4ක් දවාගත්තේය.

    ශ්‍රී ලංකාව19 – 204 (48.3)

    සිම්බාබ්වේ19 – 89 (21.1)

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.