බෙලිඅත්ත පොලිස් වසමේ කහවත්තපාලම අසලදී අද උදෑසන 8.30ට පමණ වෙඩි තැබීමක් සිදුව ඇත.
සුදු පැහැති ඩිපෙන්ඩරයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් පස් දෙනෙක් ඉලක්කරගෙන මෙම වෙඩි තැබීම සිදුව තිබේ.
කොළ පැහැති කැබ් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම කර ඇත.
මෙම වෙඩි ප්‍රහාරයෙන් සිව් දෙනෙක් මියගොස් තිබේ. එක් අයෙක් බරපතල තුවාල ලබා රෝහල්ගතකර ඇත.