fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්'විශ්ව බුද්ධ' ශාසනෙන් නෙරපයි

    ‘විශ්ව බුද්ධ’ ශාසනෙන් නෙරපයි

    බුදු දහමට දිගින් දිගටම අපහාස වන ප්‍රකාශ කරමින් නිගාවන අන්දමින් හැසිරුණු රත්නපුරේ විමලබුද්ධි හිමිනම සාමණේරභාවයෙන් නෙරපීමට ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකාය පියවර ගෙන තිබේ.

    ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහා නායක අති පූජ්‍ය මකුලෑවේ විමලාභිධාන නා හිමි විසින් මේ බව බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා වෙත දැනුම්දී ඇත.

    විශ්ව බුද්ධ යන නමින් පෙනීසිමින්, අධිකරණ නියෝග පවා නොතකා හැසිරුණු මෙම චීවරධාරියා අද නැවත වරක් අත්අඩංගුවට ගෙන තිබුණි.

    මෙම චීවරධාරියා යළිත් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  අත්අඩංගුවට ගෙන, අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

    පසුගිය දෙසැම්බර් මස 15 වනදා පැවති රාමඤ්ඤ නිකායේ කාරක සංඝ සභාව විසින් ඒකමතිකව මෙම තීරණය ගෙන ඇත.

    ඒ අනුව රත්නපුරේ විමලබුද්ධි හිමිගේ සාමණේර ලේඛනයත් උපසම්පදා ලේඛනයත් එම තීරණයත් සමග අවලංගු කෙරේ.

    ශාසනයට සිදුකරන ලද අති විශාල හානිය පදනම් කරගනිමින් රත්නපුරේ විමලබුද්ධි හිමි රාමඤ්ඤ නිකායෙන් නෙරපීමට තීරණය කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img