fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තේ දළුවල උපරිම කොලිටිය අනිවාර්යයි -නැතිනම් බලපත් අහෝසියි

    තේ දළුවල උපරිම කොලිටිය අනිවාර්යයි -නැතිනම් බලපත් අහෝසියි

    මෙරට නිෂ්පාදිත තේවල ගුණාත්මකභාවය තහවුරු කිරීම සඳහා ක්‍රියාත්මක කෙරෙන B-60 ප්‍රතිපත්තිය ජනවාරි 01 දා සිට අනිවාර්ය කිරීමට රජය තීරණය කර තිබේ.

    ඒ පිළිබඳ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා තේ කර්මාන්තය සම්බන්ධ සියලු අංශවලට අද (06) උපදෙස් දී ඇත.

    B-60 ප්‍රතිපත්තිය යනු තේ නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා දළුවලින් අඩු තරමින් සියයට 60ක්වත් ඉහළ ගුණාත්මකභාවයෙන් යුක්තවිය යුතුය යන්නයි.

    ශ්‍රී ලංකා තේ සන්නාමය මීට දශක කිහිපයකට පෙර ලෝකයම ඉහළින්ම පීළිගත් සන්නාමයකි.

    ඇතැම් ව්‍යාපාරිකයින්ගේ ක්‍රියාකලාප නිසා ශ්‍රීලංකා තේ පිළිබඳ සන්නාමය බරපතල අර්බුදයකට මුහුණ දුන්නේය.

    මේ නිසා ශ්‍රී ලංකා තේ සඳහා ජාත්‍යන්තර වෙළෙඳපළෙහි ඇති උසස් පිළිගැනීම නැවත ඇති කරලීම සඳහා තේ දළුවල උසස් ප්‍රමිතිය සහතික කිරීමට B-60 ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබීය.

    මෙම ව්‍යාපෘතිය මෙතෙක් ක්‍රියාත්මක නොවීම නිසා ඉදිරියේ දී මෙරට තේ නිෂ්පාදන කර්මාන්තයට හිමි වෙළෙදපළ ස්ථාපිත කිරීමට නම් මෙම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

    ඒ අනුව තේ කර්මාන්ත ශාලාවලට සපයන තේ දළුවල ගුණාත්මකභාවය සුරක්ෂිත කිරීම සදහා B-60 ව්‍යාපෘතිය ජනවාරි මස 01 දින සිට අනිවාර්ය කිරීමේ පියවරට තේ කර්මාන්තයට සම්බන්ධ සියලු පාර්ශ්වවල එකඟතාවය අද (06) පළ කරනු ලැබීය.

    මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා මෙරට තේ කර්මාන්තය නැවත ගොඩ නැගීමට නම් තේවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතුව ඇති බව පැවසීය.

    තේ දළු නෙලීමේ දී දැනට තේ දළුවලට අමතරව මෝරන තේ දළුත් මිශ්‍රවීම වළක්වා ගනිමින් මෙම B-60 ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    කිසියම් කර්මාන් ශාලාවක් මෙම තීරණය උල්ලංඝනය කළහොත් ඔවුන්ගේ බලපත් අහෝසි කිරීමට පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා මෙහි දී ලංකා තේ මණ්ඩලයට උපදෙස් දුන්නේය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.