fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විරෝධය මැද්දේ නුවරඑළිය තැපැල් කාර්‍යාලය ව්‍යාපෘතියකට දීම අනුමතයි

    විරෝධය මැද්දේ නුවරඑළිය තැපැල් කාර්‍යාලය ව්‍යාපෘතියකට දීම අනුමතයි

    ඓතිහාසික නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල ආයෝජන ව්‍යාපෘතියක් සඳහා භාවිත කිරීමට අනුමැතිය ලබාදුන් බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

    ඒ අනුව එහි ඉදිරි සංවර්ධන කටයුතු නාගරික සංවර්ධන අධිකාරිය මගින් සිදු කරනු ඇති.

    මේ සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර අදහස් දක්වමින් පැවසුවේ
    තැපැල් කාර්යාලය සඳහා විකල්ප ස්ථානයක් ලබා දීමෙන් අනතුරුව ඉදිරි පියවර ගන්නා බවයි.

    සංචාරක ආකර්ෂණයක් දිනා ඇති ඓතිහාසික වටිනාකමක් සහිත මෙම තැපැල් කාර්‍යාලය ව්‍යාපෘතියක් සඳහා ලබාදීමට පසුගිය දිනවල රටපුරා තැපැල් සේවකයින් මෙන්ම පාර්ශව ගණනාවක් විරෝධය පළ කර තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.