දෙසැම්බර් මාසයේදී මිල ඉහළ දැමීමෙන් වැළකී සිටීමට Litro Gas Lanka සමාගම තීරණය කර තිබේ.
ඒ එළඹෙන උත්සව සමයේදී පාරිභෝගිිකයන්ගේ ගෑස් භාවිතය ඉහළ යාම ද සැලකිල්ලට ගනිමිනි.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ලිට්රෝ සභාපති මුදිත පීරිස් කියා සිටියේ ජාත්‍යන්තර මිල උච්චාවචනයන් සහ ඇමරිකානු ඩොලරයේ වත්මන් විනිමය අනුපාතිකය අනුව ගෘහස්ථ LP ගෑස් සිලින්ඩරවල මිල වැඩි අගයකින් ඉහළ නැංවිය යුතු නමුත් ගෑස් සමාගම එසේ නොකිරීමට තීරණය කළ බවයි.
මේ අනුව ලිට්රෝ ගෑස් සිලින්ඩරවල මිල පහත පරිදි තවදුරටත් පවතිනු ඇත.
• 12.5kg සිලින්ඩරයක් – රු. 3,565
• 5kg සිලින්ඩරයක් – රු. 1,431
• 2.3kg සිලින්ඩරයක් – රු. 668
ලීට්‍රෝ සමාගම යනු දිවයිනේ ගෘහස්ත ද්‍රව පෙට්‍රෝලියම් (LP) ගෑස් සපයන ප්‍රමුඛතම සැපයුම්කරුවන් දෙකෙන් එකකි.