රාජ්‍ය ඇමතිනී ඩයනා මහත්මියට, සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් වන සුජිත් සංජය පෙරේරාට සහ රෝහණ බණ්ඩාරට මාසයක කාලයක් මැතිසබය තහනම් කිරීමේ යෝජනාව සම්මත වී තිබේ.
අද(02)පාර්ලිමේන්තුවේදී එම යෝජනාව වැඩි ඡන්ද 56කින් සම්මත වී ඇත.
ඒ අනුව යෝජනාවට පක්ෂව ඡන්ද 57ක් ලැබී ඇත.
විපක්ෂව ලැබුණේ එක් ඡන්දයක් පමණි.
මන්ත්‍රීවරුන් තිදෙනෙක් යෝජනාවට ඡන්දය දීමෙන් වැළකී සිට ඇත.
පාර්ලිමේන්තුවේ පුස්තකාලය අසලදී කළහකාරී ලෙස හැසිරීම පිළිබඳ ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව විසින් මෙම නිර්දේශ ඉදිරිපත් කර ඇත.
ඔක්තෝම්බර් මස අගදී ඇතිවූ සිදුවීම හේතුවෙන් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ සහ SJB මන්ත්‍රීවරුන් වන සුජිත් සංජය පෙරේරා සහ රෝහණ බණ්ඩාර යන අයගේ පාර්ලිමේන්තු සේවා මාසයක කාලයකට අත්හිටුවීමට දෙසැම්බර් 01 වනදා නිර්දේශ විය.
ඔක්තෝබර් 20 වැනි දින පාර්ලිමේන්තු සැසිවාරය අතරතුර ඩයනා ගමගේ, සමගි ජන බලවේගයේ (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරාට සභා ගර්භයෙන් පිටතදී තමාට පහර දුන් බවට චෝදනා කර ඇති අතර, ඒ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිටියේය. පසුව දෙපාර්ශ්වය විසින්ම පොලීසිය වෙත පැමිණිලි ද කර තිබුණි.
කෙසේවෙතත් අයවැය තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම ලබන මස 13 වැනිදා බදාදා සවස 6.00ට පැවැත්වීමට නියමිත අතර මෙම තහනමට අනුව මෙම මන්ත්‍රීවරුන්ගේ ඡන්දය භාවිත කිරීමේ හැකියාවට ද බාධා එල්ල වෙයි.
පාර්ලිමේන්තුවේදී නොමනා ලෙස හැසිරීමක් හේතුවෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ද මේ වනවිට සති දෙකක මැතිසබේ තහනමකට මුහුණ දී සිටියි.