සුරාසල් විවෘත කිරීමේ හා වසා දැමීමේ වේලාවන් සංශෝධනය කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.
ඒ පිළිබඳ ඉදිරියේදී සොයාබලන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.
සුරාසැල් විවෘත කරන සහ වසා දමන වේලාවල් සැලකීමේදී එය අනියම් ආකාරයකින් නීත්‍යානුකූල නොවන මත්පැන් වෙළඳුන්ට කරන ආරාධනාවක් බව අමාත්‍යවරයා පෙන්වා දේ.
ඒ අනුව සුරාසැල් විවෘතව ඇති වේලාවන් ප්‍රායෝගිකව වෙනස් කිරීමට යෝජනා වී ඇති බවද ඔහු වැඩිදුරටත් කීය.
එමෙන්ම, මත්පැන් බලපත්‍රවලට ඇති ඉල්ලුම පරිදි, රජයට ආදායමක් ගැනීම සඳහා බලපත්‍ර ගාස්තුව වැඩි කළ යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.