fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පිනි දිය සේල ඉසිනා.. රෑ රූ සපුව දිලෙනා... සොඳුරු වික්ටෝරියා..

    පිනි දිය සේල ඉසිනා.. රෑ රූ සපුව දිලෙනා… සොඳුරු වික්ටෝරියා..

    විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රධාන ජලාශ වාන් මට්ටමේ පවතින බැවින් ස්වයංක්‍රීය වාන් දොරටු විවෘතවීම් සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මහජනයාගෙන් ඉල්ලා සිටියි.

    මධ්‍යම කඳුකරය හා ඉහළ ජල පෝෂක කලාපයට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් වික්ටෝරියා හා පොල්ගොල්ල ජලාශ මේ වන විට වාන් මට්ටමේ පසුවේ.

    කියුබික් ඝන මීටර් මිලියන 170ක ධාරිතාවයෙන් යුතු කොත්මලේ ජලාශය සිය උපරිම ජල ධාරිතාවට ළගා වී ඇති අතර එය ඉදිරි පැය 24ක කාලය තුළ වාන් දැමීමට නියමිතය.

    කොත්මලේ ජලාශයේ ස්වංක්‍රීය වාන් දොරටු විවෘත වීමට ඉඩ ඇති බැවින් කොත්මලා ඔයට පහළින් ඇති නුගවෙල, රිවස්ටන්, උලපනේ, ගම්පොල , වැලිගල්ල, ගෙලිඔය, පේරාදෙණිය සහ කටුගස්තොට යන ප්‍රදේශවල පදිංචිකරුවන් මහවැලි ගඟේ ජලය පරිහරණය කිරීමේදී දැඩි විමසිලිමත් වන ලෙස මහවැලි අධිකාරිය දැනුම් දෙයි.

    වික්ටෝරියා ජලාශය දෙවන වරටත් වාන් දැමීම ආරම්භ වූ අතර එහි වාන් දොරටු 06ක් විවෘත වූ බව ජලාශය භාර ඉන්ජිනෙරු වසන්ත ඇහැළපිටිය මහතා පැවසීය. තත්පරයට ඝන මීටර් 675ක ජල ධාරිතාවයක් රන්දෙණිගල ජලාශයට මුදා හැරෙන බව ද ඇහැළපිටිය මහතා තව දුරටත් සඳහන් කළේය.

    ඡායාරූප – වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු හයක් විවෘත වී ඇති අයුරු

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img