fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"රාජ්‍ය ආදායම වැඩිකරගන්න දේපළ විකුණන්න එපා.. කෝටි ගණන් ලැබෙන පන්සල්වලට බදු ගහන්න"

    “රාජ්‍ය ආදායම වැඩිකරගන්න දේපළ විකුණන්න එපා.. කෝටි ගණන් ලැබෙන පන්සල්වලට බදු ගහන්න”

    • ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසි රාහුල හිමියෝ ජනපතිට කියති

    නුවරඑළියේ තැපැල් කාර්යාලය වැනි ඉපැරණි ගොඩනැගිලි විකුණන්නේ නැතිව රාජ්‍ය ආදායම වැඩිකර ගැනිමට අවශ්‍යනම් කෝටි ගණන් ආදායම් ලබන පන්සල්වලින් මුදල් කොටසක් ලබාගැනිමට හෝ ඒ පන්සල්වලට බදු ගසන වැඩපිළිවෙළක් සකසන්නැයි ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසි රාහුල හිමියෝ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලති.

    රට බංකොළොත්වු විට තායිලන්තයේ මහසංඝරත්නය පන්සල්වල තිබු රත්තරන් හා මුදල් ආදිය රජයට පිරිනැමු බව උන්වහන්සේ සිහිපත් කළේය.

    එහෙත් ලංකාවේ එවැන්නක් කිසිදිනක සිදුනොවන නිසා, විශාල ලෙස ⁣ආදායම් ලැබෙන පන්සල්වලින් මුදල් කොටසක් කෙටි කලකට හෝ රජයට ගැනිම සුදුසු යැයිද රාහුල හිමියෝ ජනපතිට කියති.

    මේ සම්බන්ධයෙන් මාධ්‍යයට ප්‍රකාශයක් කළ වනවාසි රාහුල හිමියෝ,

    “මම දැක්කා ජනාධිපතිතුමා නුවරඑළියේ ගිහින් පරණ තැපැල් කාර්යාලය හෝටලයක් හදන්න ඉල්ලනවා. ඒක නොදෙනවානම් තැපැල්පතිටත් ගෙදර යන්න වෙයි වගේ කතාවකුත් කිව්වා. කොහොම වුණත් ඒ වගේ රාජ්‍ය දේපල විකිණිමට වඩා හොඳ යෝජනාවක් මම කරන්න කැමැතියි. නුවරඑළියේ තැපැල් කාර්යාලය වැනි ඉපැරණි ගොඩනැගිලි විකුණන්නේ නැතිව රාජ්‍ය ආදායම වැඩිකර ගන්න ඕන නම් කෝටි ගණන් ආදායම් ලබන පන්සල්වලින් මුදල් කොටසක් ලබාගැනිමට හෝ ඒ පන්සල්වලට බදු ගසන වැඩපිළිවෙළක් සකසන්න.”

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.