fbpx
තවත්
    මුල් පිටුවspecialගාසා තීරයේ මියගිය සංඛ්‍යාව දසදහස ඉක්මවයි

    ගාසා තීරයේ මියගිය සංඛ්‍යාව දසදහස ඉක්මවයි

    spot_img

     
    ඊශ්‍රායල හමුදාව එල්ල කළ ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ  10,022 ක පිරිසක් මියගොස් ඇති අතර, 25,000 කට අධික පිරිසක් තුවාල ලබා තිබේ.

    පලස්තීනයේ ගාසා තීරයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඊයේ (6) නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වේ.  මිය ගිය අය අතරින් 4100 කට වැඩි පිරිසක් දරුවන් වන අතර 2600 කට වැඩි පිරිසක් කාන්තාවෝ වෙති.

    5 වැනිදා රාත්‍රියේ ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ උතුරු ප්‍රදේශය වෙත ගුවන් ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් එම ප්‍රදේශයේ සන්නිවේදන සබඳතා ද අවහිර වී ඇත.

    ඊයේ (6) පෙරවරුව වනවිටත් ගාසා තීරයේ සන්නිවේදන පහසුකම් හා අන්තර්ජාල සබඳතා යථා තත්ත්වයට පත්කර නොමැත.

    මේ අතර, විනාශකාරී ගැටුම් නවතා, ගාසා තීරයට මානුෂවාදී සහන සැපයීම කඩිනම් කිරීමට පියවර ගන්නැයි පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් මහතා ඉල්ලා සිටී.

    හෙතෙම මේ බව ප්‍රකාශ කළේ,  5 වැනිදා  රමල්ලා නගරයේ දී ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් මහතා හමු වූ අවස්ථාවේ දී ය.

    වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ඊශ්‍රායලය සම්පූර්ණයෙන් වගකීම භාර ගත යුතු බවත්, යුද ක්‍රියාකාරකම් මගින් ඊශ්‍රායලයට සුරක්ෂිතභාවයක් හිමි‍ නොවන බව ද පලස්තීන ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

    මේ අතර ඉරාන ජනතාව පසුගිය 4 වනදා ටෙහෙරාන් ඇතුළු නගරවලට රැස් ව ගාසා තීරයේ ජනතාවට ඊශ්‍රායල එල්ල කරන අඛණ්ඩ ප්‍රහාරවලට විරෝධය පළ කළහ.

    ඇමරිකාව එම අපරාධවල වගකීම භාර ගත යුතු බවද ඔවුන් පවසා ඇත.

    එදිනම පැරිස් නගරයේ පැවති පලස්තීන ජනතාවට සහාය පළකිරීමේ උද්ඝෝෂණයට හැට දහසක පමණ පිරිසක් සහභාගි වී ඇත. 

    කඩිනම් සටන් විරාමයක් ක්‍රියාත්මක කරන ලෙසට බල කළ ඔවුන් ජන සංහාරයක අවදානමක් පිළිබඳව ද  අනතුරු අඟවා තිබේ.
     

    NewsWave බෙයිජිං වාර්තාකරු

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img