fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්"සොෆ්ට්ලොජික් සමඟ Samsonite හැව්ලොක් සිටි මෝල්හි මෙහෙයුම් ඇරඹුවේ හරිම වෙලාවේදි" -විනෙයි රෙඩ්ඩි

    “සොෆ්ට්ලොජික් සමඟ Samsonite හැව්ලොක් සිටි මෝල්හි මෙහෙයුම් ඇරඹුවේ හරිම වෙලාවේදි” -විනෙයි රෙඩ්ඩි

    ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ට තමන්ගේ සියලුම සංචාරක අවශ්‍යතා සඳහා උසස් තත්ත්වයේ නිෂ්පාදන එකම වහලක් යටින් මිලදීගැනීමට, සැම්සොනයිට් හි ප්‍රමුඛතම අලෙවිසැල කොළඹ හැව්ලොක් සිටි වෙළඳ සංකීර්ණයේ දී අද(19) විවෘත කිරීමත් සමඟ අවස්ථාව උදාවී ඇතැයි සැම්සොනයිට් හි ප්‍රධානී විනෙයි රෙඩ්ඩි මහතා පවසයි.

    සොෆ්ට්ලොජික් සමූහයේ සභාපති/කළමනාකාර අධ්‍යක්ෂ, අශෝක් පතිරගේ මහතා සහ සැම්සොනයිට් හි මෙරට ප්‍රධානී විනෙයි රෙඩ්ඩි මහතා හැව්ලොක් සිටි මෝල් හිදී සිය පළමු අලෙවිසැල විවෘත කරමින්.

    කොළඹ නගරයට අද්විතීය සහ අසමසම අත්දැකීමක් ලබාදෙමින් සොෆ්ට්ලොජික් සමූහයට අනුබද්ධිතව ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ ප්‍රථම Samsonite ප්‍රමුඛ පෙළේ වෙළඳසැල හැව්ලොක් සිටි මෝල් හිදී අද විවෘත කෙරුණේ සොෆ්ට්ලොජික් සමූහයේ ආරම්භක සාමාජික සහ සභාපති/කළමනාකාර අධ්‍යක්ෂ, අශෝක් පතිරගේ මහතා සහ සැම්සොනයිට් හි ප්‍රධානී විනෙයි රෙඩ්ඩි මහතා විසිනි.

    Newswave.lk සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් රෙඩ්ඩි මහතා පැවසුවේ, ශ්‍රී ලංකාව දිගු කලක් තිස්සේ මෙම සුපක්‍රට සංචාරක ගමන්මලු සන්නාමයේ සැලසුම්වල කොටසක් වූ බවයි. ‘අපි දැනටමත් ODEL සාප්පු ඔස්සේ මෙරට පාරිභෝගිකයින් වෙත ළඟාවී සිටියත්, ශ්‍රී ලංකාව තුළ අපගේ සිල්ලර ව්‍යාපාරය පුළුල් කිරීමට අපට අවශ්‍ය වුණා. නමුත් සුවිශේෂී සන්නාම අලෙවිසැලක් කියන්නේ අප සැමවිටම සොයන දෙයක්’ ඔහු පැවසීය.

    මෙම සමාගම 2020 දී ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වෙළඳසැලක් විවෘත කිරීමට මුලින් සැලසුම් කළ නමුත් COVID-19 වසංගතය හේතුවෙන් එය කල් දැමීමට සිදු වූ බව රෙඩ්ඩි මහතා අනාවරණය කළේය.

    ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවේ වත්මන් ව්‍යාපාරික පරිසරය අභියෝගාත්මක වුවත් ශ්‍රී ලංකාව, සැම්සොනයිට් සන්නාමයට ප්‍රධාන වෙළඳපොලක් වන අතර, එහිදී සමාගමට සිය සලකුණ පුළුල් කිරීමට හැකි බවට ඔහු විශ්වාසය පළකළේය.

    “2023/24 වර්ෂයන් අපගේ සිල්ලර වෙළඳපොල තුළ මෙරට සලකුණ තැබීමට සුදුසුම කාලය බව අපට හැඟුණා. ශ්‍රී ලංකාව නරකම තත්ත්වයත් දැක්කා. නමුත් මෙතැන් සිට යළි පිබිදීමක් ඇතිවේවි. අපට අවශ්‍ය වන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය සහ ව්‍යාපාර සමඟ වර්ධනය වීමටයි. ඒ විදියට බැලුවොත්, මම හිතන්නේ මේ වෙලාව හරියටම හරි. ”ඔහු වැඩිදුරටත් පැවසීය.

    1910 වසරේදී මෙය ආරම්භ වූ දා සිට, සැම්සොනයිට් මිනිසුන්ගේ ගමනබිමන යෙදෙන කාලය පුරාවට ඉහළ නංවන විශ්වාසදායක, නව්‍ය සහ තිරසාර නිෂ්පාදන නිර්මාණය කිරීමේ ඉදිරියෙන්ම සිටී. සැම්සොනයිට් සන්නාමය සැමවිටම උසස්ම තත්ත්වයේ, නව්‍යතම නිෂ්පාදන සහ විශිෂ්ට සේවාවක් සඳහා ඇපකැප වේ. “සංචාරක ව්‍යාපාරයේ සහ සංචාරක නිෂ්පාදනවල ඔබ සිතන සෑම නවෝත්පාදනයක්ම යම් අවස්ථාවක දී සැම්සොනයිට් විසින් ආරම්භ කරන ලද්දක්.” රෙඩ්ඩි මහතාගේ නිරීක්ෂණයයි.

    සැම්සොනයිට් සන්නාම මෙරට ප්‍රධානී විනෙයි රෙඩ්ඩි මහතා.

    ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින් තවමත් විශිෂ්ට ගෝලීය සන්නාමයන් වෙත නිරාවරණය වී නොමැති බව තමාට හැඟෙන බව රෙඩ්ඩි මහතා පැවසීය. විශේෂයෙන්ම සැම්සොනයිට් ප්‍රවීනත්වය දරන කෂේත්‍රය වන සංචාරක කාණ්ඩයේ එය හොඳින්ම දැකිය හැකි බව හෙතෙම කීය. දේශීය හෝ ආනයනික ලේබල් සහිත නිෂ්පාදන විශාල ප්‍රමාණයක් දැනටමත් වෙළඳපොලේ පවතින නමුත්, පාරිභෝගිකයින් සොයන ආකාරයේ ගුණාත්මක, තිරසාර සහ නව්‍ය නිෂ්පාදන ලබා ගත නොහැකි ය. එම අඩුව පුරවන එකම සන්නාමය සැම්සොනයිට් බව ඔහු අවධාරණය කළේය.

    “පාරිභෝගිකයින්ට ඔවුන්ගේ සියලු අවශ්‍යතා සඳහා නිෂ්පාදන සොයාගත හැකි අපගේ පළමු සුවිශේෂී වෙළඳසැල මෙයයි. මෙයට පිරිමි සහ ගැහැණු යන දෙඅංශයටම ගමන් මලු, කෙටි ගමන් සඳහා හෝ දිගු සංචාර සඳහා, ව්‍යාපාර සඳහා, රාත්‍රී සංචාරකයින් සඳහා, උපාංග සහ cross body බෑග් ඇතුළත් වේ. කෙනෙකුට සිතිය හැකි සියලු වර්ගවල ගමන් සඳහා, පාරිභෝගිකයින්ට එක් සුවිශේෂී වෙළඳසැලකින් එකම ස්ථානයකදී ඒ සෑම දෙයක්ම සොයාගැනීමට සැම්සොනයිට් අවස්ථාව උදාකර ඇත.

    ඉදිරි වසරවලදී සැම්සොනයිට් ශ්‍රී ලංකාවේ තවත් වෙළඳසැල් කිහිපයක් විවෘත කිරීමට සැලසුම් කර ඇති බව රෙඩ්ඩි මහතා පැවසීය. “මෙය අපගේ ප්‍රමුඛතම වෙළඳසැලයි. එය නව වෙළඳ සංකීර්ණයක්. ඒ නිසා අපට මෙහි අපගේ සන්නාම සලකුණ සටහන් කිරීමට අවශ්‍ය වුණා. සමහර විට මෙතැන් සිට ආර්ථිකය දියුණු වීමත් සමඟ අපගේ අභිලාෂයන් ද ඒ සමඟ ඉහළ යනු ඇති.”

    සොෆ්ට්ලොජික් හෝල්ඩිංග්ස් පීඑල්සී දිගු කලක් තිස්සේ ශ්‍රී ලංකාවේ සැම්සොනයිට් හි හවුල්කරුවා වී සිටී. මෙම සන්නාමය ODEL අලෙවිසැල් හරහා ද ලබාගත හැකි බව රෙඩ්ඩි මහතා පැවසීය. සමාගම Softlogic සහ ODEL සමඟ ඇති හවුල්කාරිත්වය අගය කරන බව ද ඔහු කියයි. “අපට අවශ්‍ය වන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය වර්ධනය කිරීමට සහ ඒ සමඟම ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ට ඔවුන් මීට පෙර නිරාවරණය නොවූ ගුණාත්මක නිෂ්පාදන පිරිනැමීමටයි” ඔහු අවසාන වශයෙන් Newswave.lk වෙත කියාසිටියේ ය.

    සැම්සොනයිට් සන්නාමය, පරම්පරා ගණනක සිට සංචාරකයින්ට සහ ගමන්මලු ලෝලීන්ට Luggage, Backpacks, Shoulder Bags, Duffle Bags, Tote bags, Briefcases, Wallets, Neck pillows සහ සංචාරක උපාංග යනාදි පුළුල් පරාසයක, උසස්ම ප්‍රමිතියෙන් යුත්, නවීනතම නිෂ්පාදන පරාසයක් ප්‍රදර්ශනය කරයි.

    හැව්ලොක් සිටි මෝල්හි 2 වැනි මහලේ පිහිටා ඇති මෙම නව සුවිශේෂී සැම්සොනයිට් වෙළඳසැල, රටේ සංචාරක විලාසිතාවේ සහ නවෝත්පාදනයේ නව යුගයක් සනිටුහන් කරමින් සංචාරකයින් සිය ගමනට සූදානම් වන ආකාරය පිළිබඳ නවමු අත්දැකීමක් ලබාදෙයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.