fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"ජනතාවට තවත් බදු පටවන්න බැරි බව ජනපති පැහැදිලිව කිව්වා" -මුදල් රාජ්‍ය ඇමති

    “ජනතාවට තවත් බදු පටවන්න බැරි බව ජනපති පැහැදිලිව කිව්වා” -මුදල් රාජ්‍ය ඇමති

    මේ රටේ ජනතාවට අලුතින් බදු පැනවිය නොහැකි බවට ජනාධිපතිවරයා පැහැදිලිවම ප්‍රකාශ කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

    රාජ්‍ය ආදායම ඉහළ නැංවිමේ අරමුණින් ආදායම් උපයනු ලබන දෙපාර්තමේන්තුවල ආදායම් ඉලක්ක සපුරා ගැනීම කඩිනම් කිරීම සඳහා මුදල් අමාත්‍යංශයේ දී එම ආයතන ප්‍රධානීන් සමඟ පැවති අදහස් හා යෝජනා පිළීබඳ පැවති සාකච්ඡාවේ දී මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

    “මේ සාකච්ඡා අපි හරි තැනට ගෙනෙමු. පැහැදිලිවම රාජ්‍ය ආදායම ඉහළ නංවා ගතයුතුයි. අදායම් ඉලක්කවලට යායුතුයි. මේ රටේ ජනතාවට අලුතින් බදු පනවන්න බැහැ. ඒක මේ දේශපාලන ප්‍රශ්නයක් නෙවෙයි. ඒක රාජ්‍ය නායකයා විදිහට අතිගරු ජනාධිපතිතුමත් පැහැදිලිවම ප්‍රකාශ කරලා තියෙනවා. එහෙනම් අපිට තියෙන්නේ මේ තියෙන ක්‍රමවේදය තුළ පදනම පුළුල් කරගැනීම සහ ආදායම් බදු නොගෙවන්නන්ගෙන් තවදුරටත් අයකර ගැනීම.” යනුවෙන් ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් එහිදී පවසා තිබේ.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.