ගිංගඟ ආශ්‍රිත පහත් බිම් සඳහා නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදනය ඉවත් කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
පසුගිය සැප්තැම්බර් මස 28 වැනි දින සිට මෙම අනතුරු ඇඟවීම නිකුත් කර තිබුණි.
ගත වූ පැය 24 තුළ ගිංගඟ ද්‍රෝණියට සැලකිය යුතු වර්ෂාපතනයක් ඇති නොවීම හේතුවෙන් හා තවලම සහ බද්දේගම ජල මිනුම් ස්ථානවලින් වාර්තා වූ ඉහළ ජල මට්ටම පහළ යමින් පවතී.
ඒ හේතුවෙන් මෙම පියවර ගත් බව එම දෙපාර්තමේන්තුව අවධාරණය කර ඇත.
නිල්වලා ගඟ ආශ්‍රිත පහත් බිම් සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම් නිවේදනය ඉදිරි පැය 24 සඳහා තවදුරටත් දීර්ඝ කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.