ඊශ්‍රායලයේ සේවය කරන සාත්තු සේවිකාවන් දෙදෙනකු ලෙස කටයුතු කළ ලාංකික කතුන් දෙදෙනකු අතුරුදන් වී ඇති නමුත් සෙසු බහුතරය තම කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරගෙන යන බව එරට සිටින ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි.
මේ අතර පසුගිය 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයෙන් තුවාල ලැබූ ලාංකිකයකු වන සුජිත් ප්‍රියංකර මහතා දැනට රෝහලෙන් පිටත්ව ගොස් සිය නවාතැනේ සිටින බව තානාපතිවරයා පවසයි.
ඔහුට මාස කීපයක් යනතෙක් රැකියාවක් කිරීමේ අපහසුතාවයක් පවතින බව ද ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා කීය.
තානාපතිවරයා ඊශ්‍රායලයේ වත්මන් තත්ත්වය සහ එහි සිටින ලාංකිකයන්ට ලබාදෙන පණිවුඩයක් ද මෙලෙස සටහන් කර ඇත.
“ඊශ්‍රායලය හා ගාසා තීරය ප්‍රධානකොට කලාපය පුරා ඇතිවී තිබෙන යුධමය වාතාවරණය හේතුවෙන් ඊශ්‍රායලයේ නාගරික ප්‍රදේශ කරා රොකට් ප්‍රහාර එල්ල වෙනවා. ඊයේ රාජකාරි නිමකොට පැමිණෙන අවස්ථාවේ දී සයිරන් හඬ ඇසුනා. මමත් අපගේ රියදුරු තිලක් ද මහාමාර්ගයේ වාහනය නවතා අසල පිහිටි පාලමක් යටට ගොස් ආරක්ෂාව ලබාගත්තා. අපි කාර්යාලයේ සේවය කරන විටත් මෙවැනි ප්‍රහාරයන් එල්ල වෙනවා. ඒ අවස්ථාවලදී සියලු දෙනා ආරක්‍ෂිත කාමරවලට ගොස් තත්ත්වය සමනය වනතුරු රැදීසිටිනවා. ඊයේ රාත්‍රියේ උතුරු කලාපයේ සමහර ප්‍රදේශවලට මෙන්ම අප ජිවත්වන ප්‍රදේශයටත් රොකට් ප්‍රහාර එල්ල වුණා. අප නිවස අසල ප්රෙදේශයට රොකට් ප්‍රහාර තුනක් එල්ල වුනා. ඒ අවස්ථාවල අපි අපේ ආරක්ෂාව සලසාගත් යුතුයි. මේ ප්‍රහාර මැඩ පැවැත්වීමට මෙහි සවි කර ඇති ගුවන් ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක වෙනවා. 2011 වසරේ සිටි ක්‍රියාත්මක වන IRON Dome පද්ධතියට කිලෝමීටර් 4 සිට 72 දක්වදුරකින් පැමිණෙන රොකට් කාලතුවක්කු හා ෂෙල් ප්‍රහාර වැළැක්විය හැකියි. අනතුරක් සිදුවුවහොත් සිදුවන්නේ ගුවනේ සිට පුපුරා යන කොටස් පොලොවට පතිතවීමේදී තමන්ගේ ශරීරයේ වැදීමෙන් පමණි. මෙම දුෂ්කර තත්වය හමුවේ පවා අප තානාපති කාර්යාලය දිනකට පැය 16ක් පමණ ක්‍රියාත්මක වෙනවා. ඔබ සැමට අවශ්‍ය අවස්ථාවක අපව සම්බන්ධ කරගත හැක. රොකට් ෂෙල් හෝ කාලතුවක්කු ප්‍රහාර එල්ලවන් අවස්ථාවක සයිරන් හඩ ඇසෙන අතර එවැනි අවස්ථාවක ඒවා පුපුරායාමට කලින් විනාඩි දෙකක පමණ කාලයක් තුල ආරක්ෂක ස්ථාන වෙත ගමන් කරන මෙන් දන්වමි.”
ඊශ්‍රායලයට එල්ල වන හමාස් සටන්කාමීන්ගේ ප්‍රහාරවලින් මේ වනවිට එරට 2000කට වැඩි පිරිසක් දැනට මියගොස් ඇතැයි එරට වාර්තා පවසයි.