රත්ගම විදුර ඩුබායි සිට ලබාදුන් කොන්ත්‍රාත්තුවකට අනුව ඇල්පිටිය පිටුවල සමගි මාවතේ පදිංචි ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමට කුරුමානම් අල්ලමින් සිටි දෙදෙනෙකු පිස්තෝලයක් සමග ටැම්පිටිය පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන තිබේ.
අදාල ව්‍යාපාරිකයා ගේ නිවස අසල යතුරුපැදියක නැගී ව්‍යාපාරිකයා ඝාතනය කිරීමේ සූදානමින් සිටී ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිසියට ලද තොරතුරකට අනුවය.
ඒ එක්ක අයෙක් දැනට යුධ හමුදා සේවයේ නිරතව සිටින සෙබළෙකි. අනෙකා හමුදා සේවයෙන් ඉවත් කළ අයෙකි. ඔවුන් දෙදෙනා මීටියාගොඩ පදිංචිකරුවන් ය. පොලිසිය පවසන්නේ ඔවුන් වයස අවුරුදු 22 සහ 31 යන වයස්වල පසුවන්නන් බවය.
මොවුන් මීට පෙරද තලාවක් ප්‍රදේශයේ පුද්ගලයෙකු ඝාතනය කිරීමට ගොස් ඇතිිබවද ප්‍රශ්න කිරීමේදී කරුණු අනාවරණය වී ඇත.
දැනට සේවයේ නිරත හමුදා සෙබළ මෙම ඝාතන සැලසුම ට සම්බන්ධ වී ඇත්තේ නිවාඩුවට පැමිණීමෙන් අනතුරුව බව ද අනාවරණය වී තිබේ.