ගංවතුර පවතින ප්රදේශවල බස් රථ ධාවනයේදී පොලීසියේ හා අපදා කළමනාකාරණ ඒකකයේ උපදෙස්වලින් පරිබාහිරව බස් රථ ධාවනය සිදුනොකරන ලෙස සියලු ඩිපෝ සඳහා උපදෙස් දී ඇති බව, ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.
එමෙන්ම එහි සභාපති ලලිත් ද අල්විස් මහතා සඳහන් කළේ, ඩිපෝ ආශ්රිතව සහ බස් රථ ගාල් කරන ස්ථාන තුළ අවධානම්ව පවතින ගස් ඉවත් කිරීමට උපදෙස් ලබා දී ඇති බවයි.
ඔහු සඳහන් කළේ පසුගිය දිනක කොල්ලුපිටිය ප්රදේශයෙදි බස් රථයක් මතට ගසක් කඩා වැටීමේ සිද්ධිය මුල් කරගෙන මෙම තීරණය ගත් බවයි.