fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මෙරට ආර්ථික අවස්ථා ගැන ජනපති නිව්යෝර්ක්හිදී සාකච්ඡාවක

    මෙරට ආර්ථික අවස්ථා ගැන ජනපති නිව්යෝර්ක්හිදී සාකච්ඡාවක

    “ශ්‍රී ලංකාවේ ආර්ථික අවස්ථා” යන මැයෙන් ජාත්‍යන්තර අවබෝධය සඳහා වූ ව්‍යාපාරික කවුන්සිලය සහ ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සංවිධානය කරන ලද ව්‍යාපාරික වටමේස සාකච්ඡාව සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (18) සහභාගී වී තිබේ.

    මෙම වටමේස සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකාවේ ආයෝජන සහ වෙළඳ කටයුතු පිළිබඳ අවස්ථා ගවේෂණය කරමින් සිටින ඇමරිකා එක්සත් ජනපදයේ ව්‍යාපාර 40කට අධික ප්‍රමාණයක ප්‍රධානීන් මෙන්ම ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ ඉහළ පෙළේ ව්‍යාපාරික දූත පිරිසක් සහ ඇමරිකා එක්සත් ජනපද රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් පිරිසක් ද එක්ව සිටිය හ.

    එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට සමගාමීව නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී ඊයේ (18) පැවැත්වුණු “ තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳ සමුළුව – 2023” සඳහා ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක් විය.

    2030 වන විට තිරසර සංවර්ධන ඉලක්ක කරා ළගාවීමේ ප්‍රගතියක් අත්කර ගැනීම සඳහා ගත යුතු නව පියවරයන් පිළිබඳ විමසා බැලීම මෙහිදී සිදු කෙරිණි.

    ඔබේ අදහස් දක්වන්න.