fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විශේෂඥ වෛද්‍යවරු රට ගියාම ඇතිවන ප්‍රශ්න විසඳන්න තීරණ රැසක්

    විශේෂඥ වෛද්‍යවරු රට ගියාම ඇතිවන ප්‍රශ්න විසඳන්න තීරණ රැසක්

    විශේෂඥ වෛද්‍යවරුන් විදේශ ගතවීමෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතුවන ගැටලු විසදීමට විශේෂ වැඩපිළිවෙල කිහිපයක් රජය විසින් ආරම්භ කර තිබේ.

    නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජී විජේසූරිය මහතා ඒ බව පැවසීය.

    ඒ අනුව යම්කිසි විශේෂඥ වෛද්‍යවරයකු විශ්‍රාම ගත් පසුව එම ස්ථානයට වෙනත් වෛද්‍යවරයෙකු නොමැති නම් හෝ වෙනත් විශේෂඥ වෛද්‍යවරයකු පත් කරන තෙක් හෝ උපරිම වර්ෂයක කාලයක් සඳහා කොන්ත්‍රාත් පදනම මත සේවය කිරීමේ හැකියාව ලැබේ.

    වසරක් ගත වීමෙන් අනතුරුව ද එම ස්ථානයට විශේෂඥ වෛද්‍ය වරයෙකු පත් කර නොමැති අවස්ථාවක දී තවදුරටත් ඔහුට සේවය කිරීමේ පහසුකම්ද සලසා දී ඇති බව විජේසූරිය මහතා කියා සිටී.

    තවද විශේෂඥ වෛද්‍යවරුන් පුහුණු කිරීමට බඳවා ගන්නා සංඛ්‍යාව වැඩි කිරීමට ද රජය පියවර ගෙන තිබේ.

    සමාන්‍ය වෛද්‍යවරයකු විශේෂඥ වෛද්‍යවරයකු බවට පත් කිරීමට වසර 5ක පමණ කාලයක් ගතවේ.

    වෛද්‍යවරු 600 ක පමණ සංඛ්‍යාවක් විදේශගත වී සිටී.

    ඉදිරියේදී විශේෂඥ වෛද්‍යවරු විශාල සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිණීමට ද නියමිත බව හෙතෙම කීය.

    ඉන් 50% ක පමණ ප්‍රතිශතයක් ශ්‍රී ලංකාවට පැමිණියද මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින අර්බුදය විසඳෙන බව ද විජේසූරිය මහතා වාතාරණය කළේය.

    ඔබේ අදහස් දක්වන්න.