නිට්ටඹුව නගරයේ පිහිටි හැටන් නැෂනල් බැංකු ශාඛාවේ ඒ.ටී.එම්. යන්ත්‍රයේ තිබුණු රුපියල් ලක්ෂ 78කට අධික මුදලක් අතුරුදන් වී තිබේ.
පසුගිය 16 වෙනිදා මධ්‍යම රාත්‍රී කාලයත් 17 වෙනිදා අලුයම 3.00ත් අතර කාලයත් අතර කාලය තුළ මෙම මුදල් අතුරුදන්ව ඇත.
ඒ.ටී.එම්. යන්ත්‍රය තුළ තිබුණු රුපියල් 7,851,000ක මුදලක් එසේ අතුරුදන්ව තිබේ.
යන්ත්‍රය කැඩීමකට ලක්ව නැති බවත් එහි අගුල් විවරකර හෝ වෙනත් ක්‍රමයක් මගින් මෙම සොරකම සිදුව ඇති බවත් පෙනී යන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.