fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සිරකරුවන් 933කට විශේෂ රාජ්‍ය සමාවක්

    සිරකරුවන් 933කට විශේෂ රාජ්‍ය සමාවක්

    25 වන ජාතික සිරකරු දිනය දිනය වෙනුවෙන් සිරකරුවන් 933නෙකුට විශේෂ රාජ්‍ය සමාව ලබාදීමට නියමිතව තිබේ.

    ඊට සුදුසුකම් ලත් පිරිමි රැදවූවන් 926ක් ද, කාන්තා රැදවියන් 07ක් ද මෙම පිරිසට අයත් වේ.

    ජනාධිපතිවරයා හට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියේ පැවරී ඇති බලතල ප්‍රකාරව බන්ධනාගාරගත සිරකරුවන් හට මෙලෙස වි‍‍ශේෂ රාජ්‍ය සමාව පිරිනැමේ.

    පසුගිය 12 වන දිනට යෙදී ජාතික සිරකරු දිනය යෙදී තිබුණි.

    ඒ අනුව, පහත සදහන් නියමයන් හා කොන්දේසි මත සිරකරුවන් සදහා මෙම පොදු සමාවක් ප්‍රදානය කර ඇත.

    • 2023.09.12 දින වන විට බන්ධනාගාර ගතව සිර දඬුවම් විදිමින් සිටින සිරකරුවන්ගේ ගෙවන ලද (ගතකරන ලද) වසරකට හෝ ඉන් කොටසකට මාස 01 සමාවක් ලබා දීම.

    • දඩ මුදල් නොගෙවීම නිසා 2023.09.12 දින වන විට බන්ධනාගාර ගතව සිරදඬුවම් විදිමින් සිටින සිරකරුවන්ගේ ගෙවමින් පවතින දඬුවමේ ශේෂය අහෝසි කිරීම.

    • 2023.09.12 වන දින වන විට නියම කර ඇති සිර දඩුවමින් හරි අඩක් හෝ ඊට වැඩි කාලයක් ගෙවා ඇති,වයස අවුරුදු 65 ඉක්මවා ඇති සිරකරුවන්ගේ දඩු‍වමේ ඉදිරි ශේෂය අහෝසි කිරීම.

    • 2023.09.12 වන දින විට වසර 40ක් හෝ ඊට වැඩි සිරදඬුවමක් නියමකර, එම දඩුවමෙන් වසර 20ක කාලයක් ගෙවා අවසන් කර ඇති (මහාධිකරණයෙන් දඬුවම් නියමකල දිනයේ සිට) සිරකරුවන්ගේ දඬුවමේ ඉදිරි ශේෂය අහෝසි කිරීම.

    • 2023.09.12 දින වන විට මත් ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් අධිකරණය මගින් වරදකරුවන් කර ඒ සදහා (දඩ මුදල් නොගෙවීම මත නියම කර ඇති සිර දඬුවම්ද ඇතුලත්ව) පුනරුත්ථාපනයට යොමු කර ඇති සිරකරුවන්ගේ නියම කර ඇති පුනරුත්ථාපන කාලයෙන් හරි අඩක් හෝ ඊට වැඩි කාලයක් ගෙවා අවසන් කර ඇති රැඳවියන්ගේ එම පුනරුත්ථාපන කාලයේ ඉදිරි ශේෂය 1999 අංක 46 දරණ පනත පරිදි ප්‍රජා විශෝධන නිළධාරියෙකුගේ අධික්ෂණය යටතේ ගත කිරීමට යටත්ව නිදහස් කිරීම.

    ඉහත කරුණු වලට අදාළව සුදුසුකම් ලබා ඇති සිරකරුවන් හට ජනාධිපතිවරයා විසින් ප්‍රදානය කරන විශේෂ රාජ්‍ය සමාව හිමිවනු ඇත.

    ඔබේ අදහස් දක්වන්න.