පාකිස්ථානය සමඟ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද(15) අලුයම තෙක් පැවැති තරගය කඩුලු 2කින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව සමඟ ලබන 17වැනිදා කොළඹ දී පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තේය.
පසුගිය වසරේ ශූරයන් වූ ශ්‍රී ලංකාව පිට පිට දෙවැනි වතාවටත් මෙලෙස අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීම විශේෂත්වයකි.
වර්ෂාව හේතුවෙන් ප්‍රමාද වී ආරම්භ වූ අද තරගය පන්දුවාර 42කට සීමා විය. පාකිස්ථානය පළමුව පන්දුවට පහරදෙමින් කඩුලු හතකට ලකුණු 252ක් ලබා ගත්තේය.
අබ්දුල්ලා ශාෆික් ලකුණු 52ක්.මොහොමඩ් රිස්වාන් ලකුණු 86*ක් හා ඉප්තිකාර් අහමඩ් ලකුණු 47ක් ලබාගනිමින් පාකිස්ථාන ඉනිම ගොඩනැගූහ. ශ්‍රී ලංකාව වෙනුවෙන් මතීෂ පතිරණ ලකුණු හැට පහට කඩුළු 3ක් සහ ප්‍රමෝද මදුෂාන් ලකුණු පනස් අටකට කඩුළු 2ක් ලබා ගත්හ.
ලකුණු 253ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවෝ කඩුලු අටක් දැවී සිටියදී අවසන් පන්දුවට ලකුණු 3ක් ලබා ගනිමින් ඉලක්කය සපුරා ගත්තේය. ශ්‍රි ලංකාව වෙනුවෙන් කුසල් මෙන්ඩිස් (91)ක්, සධීර සමරවික්‍රම (48)ක් හා චරිත් අසලංක ලකුණු (49*) ලබා ගත්හ.
ආසියානු තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාව හය වතාවක් ශූරතාව හිමිකරගෙන ඇති අතර ඉන්දියාව හත් වතාවක් ශූරතාව හිමිකරගෙන තිබේ. ඒ නිසා දෙපිළටම ආසියානු තරග ඉතිහාසය අලුත් කරන මහා තරගයක් විවෘත වී තිබේ.
පාකිස්ථානය 252/7 (42)
ශ්‍රී ලංකාව 253/8 (42)