fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්IMF ණය ගැන පළමු සමාලෝචනය ඇරඹෙයි

    IMF ණය ගැන පළමු සමාලෝචනය ඇරඹෙයි

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය වැඩසටහනේ පළමු සමාලෝචනය අද (14) පෙරවරුවේ ආරම්භ වී තිබේ.

    මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසන්නේ මෙම සමාලෝචනය දෙවන වාරිකය සුරක්ෂිත කිරීම සහ ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය පිළිබඳ විශ්වාසය ඉහළ නැංවීම සඳහා වැදගත් සන්ධිස්ථානයක් බවයි.

    පළමු සමාලෝචනය සාර්ථකව නිම කිරීම ශ්‍රී ලංකාව ආර්ථික ස්ථාවරත්වය සඳහා ශක්තිමත් ස්ථානයක තබන අතර 2024 දී අපේක්ෂිත ආර්ථික වර්ධනය සඳහා යහපත් මාවතක් සකසන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.