ඉදිරි අවුරුදු 3 ඇතුළත අස්වැසුම ලබාදීම නවත්වන බව වැඩබලන කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය අනුප පැස්කුවෙල් මහතා පවසයි.
එම පුද්ගලයින් ශක්තිමත් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් මත සැලැස්මක් සකස් කළ බව අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ අනුව සමෘධි PLUS වැඩසටහන යටතේ එම පුද්ගලයින් විවිධ වෘත්තීන් සඳහා යෙදවීමට නියමිතයි.
මේ සම්බන්ධයෙන් සමෘධි සංවර්ධන නිලධාරීන්ගෙන් සහ සමෘධි කළමනාකරුවන්ගෙන් අදහස් ලබා ගැනීම ද මේ වනවිට ක්‍රියාත්මක බව අමාත්‍ය අනුප පැස්කුවෙල් මහතා පැවසීය.