fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හෝටල් සාදයේදී විදේශිකයන්ට පහරදුන් ව්‍යාපාරිකයින් 3ක් අල්ලයි

    හෝටල් සාදයේදී විදේශිකයන්ට පහරදුන් ව්‍යාපාරිකයින් 3ක් අල්ලයි

    වැලිගම පැලෑනේ පිහිටි සංචාරක හෝටලයක පැවති සාදයකදී ශ්‍රී ලාංකිකයින් පස් දෙනෙක් එක්ව ජර්මන් ජාතිකයෙකුට සහ ස්පාඤ්ඤ ජාතිකයෙකුට පහරදී ඇතැයි වැලිගම පොලීසිය කියයි.

    තුවාල ලැබූ නික්ලස් නැමැති 23 හැවිදිරි ජර්මන් ජාතිකයා මාතර මහා රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ලබයි. 24 හැවිරිදි ජුවාන් නැමැති ස්පාඤ්ඤ ජාතිකයා තුවාල ලබා ඇතත් රොහල්ගත වීමට අවශ්‍ය නොවන බව පොලීසියට පවසා ඇත.

    ඊයේ (12) අලුයම් කාලයේදී කළ මෙම පහරදීමට සම්බන්ධ පස් දෙනාගෙන් තිදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් තිදෙනාම සංචාරක ව්‍යාපාරිකයින් බව වැලිගම පොලීසිය කියයි.

    ඔබේ අදහස් දක්වන්න.