බැංකුවකින් මුදල් රැගෙන ඒමට යැයි කියා නිවසින් පිටත්ව ගිය පසු අතුරුදන්වූ කොලොන්නේ ව්‍යාපාරිකයා මිරිහානේ සැඟව සිටියදී පොලීසිය ඊයේ රාත්‍රීයේදී අත්අඩංගුවට ගත්තේය.
මෙසේ අත්අඩංගුවටගනු ලැබුවේ කොලොන්න නෑදොල පදිංචිව සිටි සරත් කුමාර නැමැති ව්‍යාපාරිකයාය.
මෙම ව්‍යාපාරිකයා තේදළු මිලදී ගෙන කර්මාන්ත ශාලාවෙත අලෙවි කිරීමේ ව්‍යාපාරකයක නිරතව සිටින්නෙකි.
මෙම ව්‍යාපාරිකයා අතුරුදන්වන්නේ දෙණියායේ බැංකුවකට මුදල් රැගෙන ඒමට ගිය අවස්ථවේදීය. ඒ පසුගිය ඒ පසුගිය 16 වෙනිදාය.
සිය සැමියා මෙදින උදේ මුදල් රැගෙන ඒමට බැංකුවට ගිය බවත් සවස් වන තුරුම නිවසට නොපැමිණි බවත් සඳහන්කරමින් මෙදින රාත්‍රී කාලයේ පොලීසියට පැමිණිල්ලක්කරනු ලබන්නේ ව්‍යාපාරිකයාගේ බිරිඳ විසිනි. ඒ වන විට ව්‍යාපාරිකයාගේ ජංගම දුරකථන පවා තිබෙන්නේ අක්‍රියවය.
මේ ගැන විමර්ශනයක් පැවැත්වීමේදී අතුරුදන්වූ ව්‍යාපාරිකයා ගමන් කළ වෑන් රථය
හමුවන්නේ අනිල්කන්ද සුසාන භූමිය ආසන්නයේ තිබියදීය. එම රථයේ රියදුරු අසුනේ මිරිස් කුඩු තිබෙන්නේ යම් අපරාධයක් සිදුව ඇති බවක් බැලූ බැල්මට පෙනී යන ආකාරයටය. එහෙත් අපරාධ විමර්ශනයේ දක්ෂ නිලධාරීන්ට නම් බැලූ බැල්මට පෙනෙන්නට වූයේ එම මිරිස් කුඩු විසිරී ඇත්තේ යම් අසාමාන්‍ය ආකාරයටකට බවය. එම නිලධාරීන් කියන්නට වූයේ මිරිස් කුඩු වෑන් රථයට දමා ඇත්තේ රියදුරු අසුනේ කිසිවෙක් නොමැති අවස්ථාවකදී බවය. මෙය අපරාධයක් වූ බව පෙන්වීමට කළ සැළසුමක් බව එම නිලධාරීන් සැකකරන්නට විය. අප මේ ගැන පසුගිය 17 වෙනිදා පැහැදිලියම වාර්තාකරනු ලැබුවේ “මෙම ව්‍යාපාරිකයා ණය ගණුදෙනුවක් හේතුවෙන් අතුරුදන්වී සිටින්නේ දැයි සැකයක් පවතින බවත් මිරිස් කුඩු ගසා පැහැර ගැනීමක් හෝ වෙනත් අපරාධයක් සිදුවී ඇති බවට වූ මවා පෑමක් වෑන් රථය දමා යාමෙන් පෙන්නුම් කරන බව උසස් පොලිස් නිලධාරියෙක් “සඳහන්කරන බව කියමිනි.
මෙම ව්‍යාපාරිකයාගේ අතුරුදන්වීම සිදුවී ඇත්තේ ඒ හැටියටමය. ඔහු තමා දන්නා කියන පෙදරේරුවෙක් සමඟ එක්ව මෙම පැහැර ගැනීම සැළසුම්කර ඇති බව මේ වන විට අනාවරණයවි ඇත.
පෙදරේරුවා නුගේගොඩ දෙල්කඩ ප්‍රදේශයේ මේ වන විට නිවසක් අලුත්වැඩියාවේ නිරතව සිටින අතර ව්‍යාපාරිකයා ගොස් රැදී සිට ඇත්තේ එම නිවසේය. පෙදරේරුවා නුගේගොඩ සිට ඔහු සමඟ එකට වැඩකරන අයෙක් සමඟ ත්‍රීරෝද රථයකින් දෙනියායට පැමිණ මෙම ව්‍යාපාරිකයාව රැගෙන ගොස් ඇති බවද පොලීසිය කියයි. වෑන් රථයට මිරිස් කුඩු දමා ඇත්තේද පෙදරේරුවාය. ඒ ව්යාරිකයාගේ උපදෙස් මතය. මිරිස්කුඩු පාර්සලය රැගෙනවිත් ඇත්තේද පෙදරේරුවාය.
ඉතා සාර්ථකව මෙම අතුරුදන්වීම නිර්මානය කළත් අවසානයේදී සැඟව සිටි තැන්වලින් මෙම ව්‍යාපාරිකයා එළියට ගනිමින් ඔහුව පොලීසියට පාවා දෙන්නේද පෙදරේරුවා විසිනි. ඒ අතුරුදන්ව සිටි ව්‍යාපාරිකයාගේ ජංගම දුරකථනයේ අංකයට අනුව සවිස්තරාත්මක බිල්පතක් රැගෙන අවසානයට ඔහු සම්බන්ධ කම් පැවැත්වූ පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීමේදී කොලොන්න පොලීසියේ නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීමට පෙදරේරුවාද ලක්ව ඇති බැවිනි. දුරකථනයෙන්ම පොලීසිය ඔහුගෙන් දැඩිව ප්‍රශ්න කර ඇති අතර එහිදී බියටපත්වූ පෙදරේරුව ඊයේ රාත්‍රී කාලයේදී මිරිහාන පොලිස් ස්ථානයට ගොස් පොලිස් ස්ථානාධිපතිවරයා හමුවී කොලොන්නෙන් අතුරුදන්වූ ව්‍යාපාරියා තමා සේවය කරන වැඩ බිමේ සිටින බව පවසා ඇත. ඒ අනුව පොලිස් කණ්ඩායමක් එහි ගොස් ව්‍යාපාරිකයාත් කොලොන්නේ සිට ඔහු නුගේගොඩට පැමිණි ත්‍රීරෝද රථය සමඟ ත්‍රීරෝද රථ රියදුරුත් පෙදරේරුවාත් අත්අඩංගුවට ගෙන කොලොන්න පොලීසියට රාත්‍රී කාලයේදීම භාරදී ඇත.
කෙසේ වෙතත් මෙම ව්‍යාපාරිකයාගේ අතුරුදන්වීමෙන් අනතුරුව කොලොන්නේ ඔහුට තේ දළු අලෙවිකරන කුඩා වතු හිමියන් මෙම ව්‍යාපාරියා සොයා කෑලෑ බද ප්‍රදේශ පවා දැඩිව පරීක්ෂාකරන්නට විය.
මෙම ව්‍යාපාරිකයා ලක්ෂ 80ක් පමණ ණය වී ඇති බැවින් ණය කරුවන්ගෙන් බේරීමේ උපක්‍රමයක් ලෙස මෙසේ අතුරුදන්වී ඇති බවද ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී තිබේ.